දළදා තේවාව ( Tevava )
| දළදා තේවාව | ||||||||||
| ද්‍රවිඩ භාෂාමය "තේවෙයි" යන වචනයෙන් නිපන් තේවාව යන පදය සේවාව, මෙහෙය යන අරුත්හි ගැනේ. ඊටම තේවය, තේව යනු ද භාවිතා වේ. බුද්ධෝපස්ථාන, බුදු පුද, පුද සිරිත්, පූජා චාරිත්‍ර, පූජා විධි, පුද පිළිවෙත් යනාදී ආමිස පූජාමය බුදු පුද දැක්වීමේදී තේවාව යන අරුතින් ද ඈත එපිට උඩරට පිටිසර ගම්මානයන්හි සේවය යන අරුතින් ද තේවාව යන පදය භාවිතා කෙරේ. දළදා වහන්සේ රාජ්‍ය උරුමයෙහි සංකේතය වූයෙන් දළදා තේවාව රජ මාලිගාවේ සේවාවන්, වතාවත් හා සමග සම්මිශර පදණය වී රාජකාරි ස්වරූපය ගෙන වර්ධනය වී ඇත. වර්තමානයෙහි පවත්නා බොහෝ දළදා තේවා විධි සිව්වන පරාක්‍රමබාහු රජු දවස කෙරුණු දළදා සිරිතෙහි එන ව්ය්වස්ථාවන්ට අනුකූලව සැකසී ඇත. නායක්කර්වංශික රජවරු යටතේ ඇතැම් හින්දු ආගමික පුද සිරිත් ලක්ෂණ ද, වර්තමාන දළදා පුද සිරිත් වලට එක්වී ඇති බවක් දක්නා ලැබේ. රජ මාලිගාවේ රජුට ඉටු කෙරෙන බොහෝ සේවාවන්ට සමාන සේවාවන් දළදා වහන්සේ විෂයෙහි ද ඉටුකළ බව අද දක්වාත් පැවතගෙන එන දළදා තේවා විධි තුළින් අනාවරණය වේ. පෙර රජ දවස දිනපතා ශීරෙහි දළදා මාලිගාවෙහි පැවැත්වෙන අමුතු මුල්තැන් බුද්ධ පූජාව රජ මාලිගාවේ මුල්තැන්ගෙයි සම්පාදනය කොට හේම කදක තබා රජු විසින්ම දළදා මාලිගාව වෙත පයිංඩ කළ බව කියැවේ. දළදා සිරිතේ නව වන ව්යකවස්ථාවේ "මහරජු දළදා ගෙට ගොස් වඳනා කල සියලූ පිරිවර පිටත රඳවා පිරිසිදුව ආදර බුහුමන් ඇතුව ගෙට වැද මුසුන් ගෙන ගෙය ඇමැද අත් දෙව රුවන් හා මල් ආදිය පුද නව අරහාදි බුදු ගුණ මෙනෙහි කැර පුද වැඳ පන්සිල් සමාදන් විය යුතුය." "රජවරුන්ගෙන් පොහොයක් පාසා පොහොතලියක් පූජා කළ යුතුය." "රජ ඇමතියන් තමන්ගේ තරාතිරමට අනුකූලව මාණ්ඩලික තලිය ඇතුළුව දවස එක් කෙනෙකු බැගින් බත් පාතර.ැඳ පූජා කළ යුතුවිය. මේ කරුණු තුළින් දළදා තේවා සම්බන්ධයෙන් රජුගේ සබැ`දියාව මනාව පැහැදිලි වේ. |
||||||||||
| දළදා තේවා බුද පුද වත් පිළිවෙත් | ||||||||||
| ජීවමාන බුදුරජාණන් වහන්සේගේ අගරෙන් උපස්ථායක ලෙස කටයුතු කළේ ආනන්ද මහතෙරුන් වහන්සේය. උන්වහන්සේ විසිපස් වසරක් තිස්සේ බුදුරජාණන් වහන්සේගේ සෙවනැල්ලක් සේ පැවතෙමින් ගෞරවයෙන්, භක්තියෙන්, ස්නේහයෙන් සියලූ බුද්ධෝපස්ථාන බුදු පුද ඉටුකළහ. බුදුරජාණන් වහන්සේ විසින් සුදේශිත සියලූ ධර්මය අසා දැන බහුශරැෙන තභාවයෙන්, ධාරණ ස්මෘතියෙන් අගයන්ගෙන් ආනන්ද තෙරුන් වහන්සේ තථාගතයන් වහන්සේ කෙරෙහි දැක් වූ සෙනෙහස, ගෞරවය අපරිමිතය. පිවිතුරුය. කිසිදු ලාභ පර් වයෝජනයන් හෝ පරන් ශංසාවන් අපේක්ෂා නොකර ස්වකීය ජීවිතය බුද්ධෝපස්ථානයට කැපකළ ශරායන්වකයන් වහන්සේ නමකි. වර්තමානයෙහි ජීවමාන බුදුරජාණන් වහන්සේ ලෙස සලකා බුදු පුද දක්වනුයේ සුවාසු දහසක් ධර්මස්කන්ධයේ පහස ලැබුවා වූ මහනුවර වැඩසිටින ශීර් ව දළදා වහන්සේය. ජීවමාන බුදුරජාණන් වහන්සේට ආනන්ද මහතෙරුන් වහන්සේ ඉටුකළා වූ සියලූ චිරාගත සාම්පරන්දායික බුද්ධෝපස්ථාන බුුදු පුද, තේවා කටයුතු අද පැවරී ඇත්තේ මල්වතු අස්ගිරි උභය මහා විහාරයේ අතිගරු මහානායක මාහිමිපාණන් වහන්සේලා පරාන මුඛ එම විහාර වාසී මහා සංඝ රත්නය වෙතය. වසරින් වසර මුර මාරු වෙමින් අදාළ පාර්ශවයේ අතිගරු මහානායක මාහිමිපාණන් වහන්සේ හෝ උන්වහන්සේ නියෝජනය කරමින් පත් කෙරෙන තේවා භාර නායක මාහිමිපාණන් වහන්සේ කෙනෙකුගේ පරන්වධානත්වයෙන් තේවා කටයුතු ඉෂ්ට සිද්්ධ කෙරේ. |
||||||||||
| සාම්පරගේ දායික තේවා කටයුතු | ||||||||||
| වාර්ෂිකව ඇසළ මාසයට එළඹෙන පසලොස්වක පෝය දිනයේදී මල්වතු අස්ගිරි උභය මහා විහාරයන්හි අතිගරු මහා නායක ස්වාමීන්දරසල යන් වහන්සේලා දෙනමගේ හා ගිහිභාරකාර දියවඩන නිලමේතුමාගේ පරිග ධානත්වයෙන් ශරීව දළදා තේවා මුර මාරුවීම සිදුවේ. එම අවස්ථාවේදී ඉහළ මාලයේත්ල පල්ලේ මාලයේත්ල පත්තිරිප්පුවේත්ල තේවාභාර ස්වාමීන් වහන්සේලා වැඩසිටින පන්සලේත් ඇති භාණ්ඩ ලේඛන ශරී දළදාමාලිගාවේ ලේකම් මොහොට්ටාල විසින් එකින් එක කියවා පෙන්වා භාණ්ඩභාරදීම සිදුකෙරේ. අනතුරුව එම ලේඛන අතිගරු මහානායක ස්වාමීන්දුයන් වහන්සේලා දෙනම හා දියවඩන නිලමේතුමා අත්සන් තබා කෙටි අනුශාසනාවක් පවත්වා අදාල යතුරු භාරගැනීම හා භාර දීම සිදුකෙරේ. මෙසේ ශරීටි අ දන්තධාතූන් වහන්සේ උදෙසා දිනපතා තේවාකටයුතු ඉටු කිරීමේ භාග්යනය ලැබීම භික්ෂු ජීවිතයේ වාසනාවන්ත පින්බර අවස්ථාවක් සේ සැලකේ. එය පෙර පිනෙන් ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අදාල පාර්ශවය තේවා කටයුතු භාර ගැනීiමන් පසු දියවඩන නිලමේතුමා විසින් දැහැත් වට්ටියක් පිළිගන්වා වස් වැසීම සඳහා ආරාධනා කරනු ලැබේ. අතිගරු මහානායක ස්වාමීන්දරවි යන් වහන්සේලා සතුව පවතින සාම්පරාධනදායික තේවා භාර කාරීත්වය තමන් වහන්සේ වෙනුවෙන් නියමිත වර්ෂය පුරා ඉටුකිරීම සඳහා එකී පාර්ශවයේ ස්වාමීන් වහන්සේලා තුන් නමක් යොදවා ගැනීම සිරිතයි. එම තුන් නම පත්කරනුයේ උඩමාලයට දෙනමක් හා පල්ලේ මාලයට එක්නමක් වශයෙනි. එභෙත් මෑතක දී සිට පත්තිරිප්පුව සඳහා තවත් ස්වාමීන් වහන්සේ නමක් පත්කිරීම සිදුවේ. බුදුරජාණන් වහන්සේට ආනන්ද තෙරුන් වහන්සේ විසින් ඉටුකළාවූ සියලූ බුද්ධ උපස්ථාන එසේම ශරීි දළදා තේවා භාර ස්වාමීන් වහන්සේලා ශරී නි දළදා වහන්සේ උදෙසා ද ඉටුකරති. තේවා කටයුතු නියමිත භික්ෂූන් වහන්සේලාට ගිහිභාරකාර දියවඩන නිලමේතුමා, කාරිය කරවන කෝරාව වට්ටෝරුරාළ, කත්තියන රාළලා දෙදෙනා, ගෙපරාළ, හක්ගෙඩි අප්පු, දොරේ ආරච්චි, පල්ලේමාල රාළ, මුළුතැන් රාලළා දෙදෙනා ආදී ගිහි සේවා කට්ටලයක සහාය ද ලැබේ. මීට අමතරව හේවිසි තම්මැට්ටම් ම`ගුල් බෙරය හොරණෑව ආදී භාණ්ඩ නියමිත තේවාමුර සඳහා වාදනය කිරීමට පනික්කි මුර හතරක සහාය ලැබේ. කවිකාර මඩුවල නානුමුර මංගල දිනවලල පෝය දිනවල හා වෙනත් උත්සව අවස්ථාවන් වල ශරීක දළදා ගුණ ගායනා කරති. උඩැක්කි දෙකයි පන්තේරු දෙකයි තාලම්පොටයි ඔවුන්ගේ වාද්යන භාණ්ඩ වේ. විශේෂයෙන් පෙරහැර දිනවලදී පෙරහර කරඬුව බැහැරට වැඩම වූ අවස්ථාවේ සිට පෙරහර ගෙවදී කරඬුව තැන්පත් කරන තුරු නොකඩවා ශරීිශේ දළදා ගුණ ගායනා කිරීම චාරිතරිට යක් වශයෙන් පැවැත්වේ. අති උත්තම දළදා බුදපුද තේවාවන් සඳහා භාවිතා කෙරෙන විවිධ පූජා උපකරණ වස්තූන් රාශියකි. ඒවා කෞතුක වශයෙන්ද, පූජනීය වශයෙන්ද ඉතා අගනේය. මෙම පූජනීය වස්තූන් අතර කීර්ති ශීරවා රාජසිංහ රජතුමා විසින් පූජා කරන ලද ඉදිකටු හුලාව, කඩකැතිය (දැලිපිහිය* ආදිය ඇතුළත් අටපිරිකර, රනින් හා මැණිකෙන් නිමවන ලද අවාන, රන්මිටකින් නිර්මිත චාමරය, රන් වටාපත, මහරන් කෙණ්ඩිය කුඩා රන්කෙන්ඩිය, රනින් තැනූ මිනි ගෙඩිය, රනින් නිමවූ සඳුන් හෙප්පුව, කබරෝස මල කීර්ති ශීරිය රාජසිංහ රජුගේ මෑණියන් පූජා කළ අගනා මැණික් ඇල්ලූ දළුමුර තට්ටුව හා ඇහැලේපොළ අධිකාරම පූජා කළ මුදුනට ගලක් බැදි කෙණ්ඩිය, කැටයම් කළ රන් හෙප්පුව, රනින් කැටයම් කළ හුණු හැඳි, රිදී හුණු කිල්ලෝටය, රන් හඳුන් හෙප්පුව, රන් කපුරු පහන් තිර, රන් පාතරටුව, ශීර , විජය රාජසිංහ රජුගේ අගමෙහෙසිය පූජා කළ රන් පාතර මෑය, ආදිය අතිශයින් අගනේය. අලූයම 5.15 ට පමණ හේවිසි කරුවෝ අලූයම් දුරය අරඹති. ඒ හේවිසි පද ඇසෙත්ම තේවා භාර තෙරුන් වහන්සේලා හා ගිහි නිලකරුවෝ තේවා කටයුතු සඳහා සූදානම් වෙති. තේවාවෙහි නියුක්තවන තෙරුන් වහන්සේලා අඳනය ඇඳ, දෙපට සිවුරක් පොරවා, එය නොගැලවෙන සේ කරිසිමවත්ව පළල් පටියකින් බඳිනු ලැබේ. අනතුරුව සඟල සිවුර වම් උරමත දෙපැත්තට එල්ලෙන සේ දමා නැවත ද පටියකින් බඳී. මෙසේ පටි බැඳගෙන තේවා කටයුතු සඳහා සූදානම් වන්නේ දළදා වහන්සේ උදෙසා ඉටුකෙරෙන පූජා විධි කිසිම අවහිරයකින් තොරව ඉතා ගෞරවයෙන් සිදුකිරීම සඳහාය. උඩමාලේ ගිහි සේවක පිරිස ද තමන්ට නියමිත නිල ඇඳුමින් සැරසී නියමිත වේලාවට තේවා භාර නායක ස්වාමින්ද්ර යන් වහන්සේගේ ලැගුම් ගෙට පැමිණ සිටිය යුතුය. ඉන්පසු පට ලේන්සුවකින් එතූ යතුරු මිටිය තේවා භාර නායක ස්වාමින්ද්රවයන් වහන්සේ විසින් වට්ටෝරුරාළට භාරදෙනු ලැබේ. ඔහු මහත් ගෞරවයෙන් යතුරු මිටිය උරමත තබාගෙන වැඩසිටින මාලිගාව කරා යතුරු පයිංඩ කිරීම අරඹයි. උදෑසන තේවා මුරයේදී පන්දම්කරු අත් පන්දම රැුගෙන ඉදිරියෙන් පසෙකින් ගමන් කරයි. ඉන්පසු පළමුව යතුරු පයිංඩ කරන වට්ටෝරුරාළ ද, අනතුරුව පිළිවෙලින් තේවා භාර නාහිමිපාණන් වහන්සේ, දෙවන තේවා භාර හිමිපාණන් වහන්සේ, පල්ලේමාලේ තේවාභාර ස්වාමින්වහන්සේ, පත්තිරිප්පුවේ ස්වාමින්වහන්සේ හා ගිහිසේවක පිරිස ගමන් කරති. හේවිසි මණඩපය අසලට ලඟාවූ විට පැන් බඳුනෙන් පා දෝවනය කරගෙන ඇත්දත් වාහල්කඩ ඉදිරියේ සඳගල අසලදී යතුරු මිටිය ලිහා පල්ලේමාලේ යතුර පල්ලේමාලේ රාළට භාරදෙයි. අනතුරුව වැඩසිටින මාලිගාවේ දොරවල් එකිනෙක විවෘත කර ගන්ධ කුටියේ දොර විවෘත කර අවසන් වූ පසු ඝංඨාරය නාදකරයි. තේවා භාර නායක ස්වාමින්ද්රවයන් වහන්සේ දොහොත් මුදුන්දී නමස්කාර කරමින් ධාතු මන්දිරයට ඇතුල්වේ. පත්කඩය එලා පසඟ පිහිටුවා වැඳ පහන් දල්වයි. ¥විලි පිස දමයි. නැවත දෑත් දෝවනය කරගෙන, බොල පැන පයිංඩ කරන තුරු තේවා උපකරණ සූදානම් කරගනී. මේ අතර ගෙපරාළ බොලපැන පයිංඩ කරගෙන උඩමාලයට පැමිනෙත්ම හේවිසි පූජාව නැවත ඇරඹේ. බොලපැන පයිංඩ කළ පසු රන් කෙණ්ඩි පුරවා තබයි. මල් ආසනයෙහි පරමල් ඉවතලා අලූත් මල් තබා තිර මෑත් කොට සුළු වේලාවක් වන්දනා කරුවන් සඳහා ඉඩ සලසා දෙයි. මේ අතර වාරයේ කත්තියනරාළ හේමකද පයිංඩ කරයි. මල්පූජා කිරීම අවසානයේ දොරවල් වසා පූජා කටයුතු අරඹති. තේවාභාර හිමිවරු ජීවමාන බුදුරජාණන් වහන්සේ උදෙසා ආනන්ද තෙරුන් වහන්සේ විසින් ඉටු කරනු ලැබුවා වූ මුව දෝවනය සංකේතවත් කිරීම සඳහා උණු පැන් කෙණ්ඩිය උඩට ඔසවා යළිත් පහත් කොට පූජාකරයි. අනතුරුව රන්මිට යෙ¥ දැහැටි පූජා කරයි. පූජාවෙන් පසු දැහැටිය ඉවත්කර රන්මිට ආසනය මත තැන්පත් කරනු ලැබේ. ඉන්පසු තුන්වරක් කාලංසියට පැන් වත් කරයි. මින් ශීර්කර මුඛය දෝවනය කිරීම සංකේතවත් කෙරේ. සේදීම සංකේතවත් කිරීමෙන් අනතුරුව තෙත මාත්තුව සිදුවේ. මෙම පූජා අවස්ථාවේදී ගාථා සජ්ජායන කිරීම සිරිතය. තුන් සිවුරු පූජාවෙන් පසු, පා දෝවනය කිරීම සංකේතවත් කරමින් කාලංසියට ජලය ඉවත් කිරීම සිදුවේ. ඉක්බිති ආසන පූජාව ද චාමරයෙන් පවන් සැලීම ද නිමකර මිණිගෙඩි නාද කර මිණි පූජාව පවත්වේ. කපුරු පහන් පූජාව සිදු කොට පසඟ පිහිටුවා වැඳ අවසන් වෙත්ම ඝංඨාරය තුන්වරක් නාදවේ. තේවාභාර හිමවරු නැවත දෑත් දෝවනය කරගෙන මල් පූජාව සිදු කරයි. ඉක්බිති සුළු වේලාවක් වන්දනා කරුවන්ට මල් පිදීමට ඉඩ සලසා දීමෙන් පසු නියමිත වේලාවට මල් ආසනය පිරුවටයකින් වසා ඒමත බුද්ධ පූජාව තැන්පත් කරති. උදෑසන බුද්ධ පූජාව සඳහා බතින් පිරවූ මහරන් පාතරද්ධය, කැඳ පාතරපිදය, බතින් පිරවු රිදී පාතරුරු දෙකක්, රිදී ව්යංුජන තැටි දෙකක්, අවුල්පත් භාජන දෙකක්, කුසලාන, බොලපැන පිරවූ රන් කෙණ්ඩිය ආදිය ආසනය මත කර් පමවත්ව, තැන්පත් කර ගාථා කියා ආහාර පූජා කොට තේවාභාර හිමිවරු මඳක් ගන්ධකුටයෙන් මෑත්වෙති. සුළු වේලාවකින් නැවත ගන්ධ කුටියට වැඩම කොට පූජා භාජන ඉවත් කරති. මෙසේ බුද්ධ පූජාව පවත්වා අවසන් වූ පසු නැවත වන්දනා කරුවන්ට මල් පූජා කිරීමට අවස්ථාව සලසා දෙනු ලැබේ. තේවාවන් සඳහා නියමිත වේලාව අවසන් වූ පසු හක්ගෙඩිය පූගා ඝංඨාරය නාද කොට යළි දොරවල් එකිනෙක වසා පරීක්ෂා කොට පළමුව ගිහිපිරිස පිටතට පැමිණෙති. දෙවනුව තේවාභාර දෙවන හිමිද අවසානයේ තේවා භාර නාහිමි ද පහළට වැඩම කරති. පරණෙ ධාන රිදී දොර වසා අවසන් වී පල්ලේමාලේ යතුරු ද සඳගල අසලට පයිංඩ කළ පසු යතුරු මිටිය එකට ඔතා වට්ටෝරුරාළ විසින් පෙර පරිදි ලැගුම්ගෙට පයිංඩ කිරීම සිදු කරනු ලබයි. තේවාභාර ස්වාමින් වහන්සේලා ලැගුම්ගෙට වැඩම කළ පසු ගිහිසේවකයෝ උන්වහන්සේලාට පසඟ පිහිටුවා වැඳ නමස්කාර කර පිටවෙති. මේ අන්දමින් අලූයම තේවා කටයුතු අවසන් වීම සිදුවේ. දිනයේ පෙරවරු 9.30 ට ආරම්භ වන දහවල් නවපෑ බුද්ධ පූජාවේ මුල්ම පූජාව වෙන්වන්නේ රජතුමා වෙනුවෙන්ය. ඒ අනුව පළමු මහරන් පාතරල් ය රජතුමාට වෙන්වේ. කුඩා රන්පාතරවෙන වලින් එක් පාතරපරණයක් කාරිය කරවන කෝරාළට ද, වට්ටෝරුරාළට තවත් කුඩා රන් පාතරරජතයක් ද, තවත් රන් පාතරේඅසයක් ගෙපරාළට ද, කත්තියනරාළට රිදී පාතර අනයක් ද තවත් රිදී පාතරතරරයක් දොරේ ආරච්චිට ද, පිත්තල පාතරල්නයක් හක්ගෙඩි අප්පුට ද වෙන්වේ. පූජා පිළිවෙත් උදෑසන පූජා සිදු කළ ආකාරයටම ඉෂ්ට සිද්ධ වේ. සවස පරනර ධාන වශයෙන් ගිලන්පස පූජා දෙකක් පැවැත්වේ. දෙවන ගිලන්පස කීර්ති ශීර් ර රාජසිංහ රජතුමාගේ සමයෙහි සිට ආරම්භ වී ඇත. ශීර පූ දළදා වහන්සේ උදෙසා කෙරෙන බුද පුද තේවාවන් සඳහා රජතුමා ද සහභාගීවීම එදා පැවති සිරිතය. එක් දිනක් රජතුමා පරළදාමාධ වී පැමිණි අතර තේවාභාර නාහිමි නියමිත වේලාව අවසන්වූයෙන් දොරවල් වසා වැඩම කරන ලදී. මෙම සිදුවීමෙන් අනතුරුව රජතුමා විසින් කරන ලද ඉල්ලීමක පරසන තිඵලයක් වශයෙන් දෙවන ගිලන්පසක් පූජා කිරීම ඇරඹිණ. සවස ගිලන්පස පූජාවට සීනි, සූකිරි, අඹ, ඉඟුරු, මීපැණි, දොඩම්, අන්නාසි, උක්පැණි, හකුරු, මුද්රරප්පලම්, ඇල්තෙලිජ්ජ , ඉඟුරු දෝසි, ආදී ද්රීව්යඅ යොදා ගනී. අලූයම, දහවල්, හැන්දෑ, යන තුන්වරුවේදී පූජා සිදුකෙරන ආකාරයේ සුළු සුළු වෙනස්කම් දක්නට හැකිය. සමස්තයක් වශයෙන් ගත් කළ හේවිසි පූජාව, යතුරු පයිංඩ කිරීම, බොලපැන පයිංඩ කිරීම, හේම කද පයිංඩ කිරීම ආදී චාරිතරගත් වන්දනා කරුවන්ට දක්නට ලැබුනත් ගන්ධකුටිය අභ්යොන්තරයේ සිදුකෙරෙන වත් පිළිවෙත් බොහොමයක් රහසිගතව සිදුකිරීම සිරිතය. උඩමාලේ ගන්ධ කුටියේදී ශීරීම දළදා වහන්සේ උදෙසා තේවා කටයුතු සිදු කෙරෙන වේලාවන්හිදීම පල්ලේමාලේ විහාරගෙහි ද තේවා කටයුතු සිදුකරනු ලබේ. |
||||||||||
| තේවා කටයුතු සිදු කෙරෙන වේලාවන් | ||||||||||
|
||||||||||
|
දන්ත ධාතූන් වහන්සේ උදෙසා සිදුකෙරෙන සාම්පරද හදායික තේවා චාරිතරධප විධි පැරණි රජදවස ආරම්භ වූ ඒවාමය. එකල රජවාසලේ මුළුතැන් ගෙයි පිළියෙල කරන රාජ භෝජනයේ අගරෙරෙ කොටස අමුතු මුළුතැන් බුද්ධපූජාව නමින් හේමකදක (රන් කදක තැන්පත් කරවාගෙන රජතුමා විසින්ම ශරී අ දළදා මාලිගාවට පයින්ඩ කරන ලද බව පැවසේ. මහනුවර රජදවස අමුතු මුළුතැන් බුද්ධ පූජාව පයිංඩ කරන ලද හේම කද දැනට ශරී්මුළ දළදා කෞතුකාගාරයේ පරේව දර්ශනයට තබා ඇත. හේවිසි පූජාව සඳහා පනික්ක මුර හතරක් පත්කර ඇත. එම පණික්කමුර හතර නම් . |
||||||||||





