2600 වන සම්බුද්ධත්ව ජයන්තිය සමාප්ති උළෙල සඳහා සහභාගී වූ බෞද්ධ දූත පිරිස අද දින ශ්‍රී දළදා මාළිගාව වැඳ පුදා ගන්නා ලදී. මෙම ඓතිහාසික අවස්ථාව සැමරීම සඳහා ශ්‍රී දළදා මාළිගාවේ දී විශේෂ දළදා දැක්මක් ද සංවිධානය කරනු ලැබුනි. මෙහිදි 400 කට අදික විදේශීය බැතිමතුන් පිරිසක් දළදා වහන්සේ වැඳ පුදා ගත් අතර සමාන්‍ය ජනතාවට ද එහි දී එම අවස්ථාව උදා විය.
මෙම අවස්ථාවට ගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගි විය.








