පෙරහර මංගල්ලය

 පෙරහර මංගල්ලය

වර්ෂයේ ජූලි හෝ අගෝස්තු මාසයේදී ඇසළ පෙරහර මංගල්,ය සිදුකෙරේ. දෙස්විදෙස් බැතිමතුන්ගේ හා සංචාරකයින්ගේ නෙත්සිත් පිනවන මෙම පෙරහර මංගල්ලය ලෝපුරා පරෙය කටය. පිළිවෙලින් නාථ විෂ්ණු කතරගම පත්තිනි යන සතර දේවාලයන්හි පෙරහර ද ශරීල දළදා පෙරහරට සම්බන්ධ වේ. ජූලි හෝ නිකිණි මාසයන්හීදී සිදු කෙරෙන දේවාලයන්හි කප් සිටුවීම හා දේවාල අභ්යසන්තර පෙරහර පහක් ද කුඹල් පෙරහර පහක් ද රන්දෝලි පෙරහර පහක් ද මධ්ය ම රාතරිදේවයේ ගෙඩිගේ විහාරයට පෙරහර කර`ඩුව වඩමවන පෙරහරක් ද දහවල් පෙරහරක් ද ඇතුළත් ඇසළ පෙරහර මංගල්ලය වීදි සංචාර කොට පූජා පවත්වයි. ඇසළ පෙරහර ලොව විචිතරපෙ පෙරහර මංගල්ලයකි.

     

වෙසක් දිනයේදී වෙසක් පෙරහැර මංගල්ලය පැවැත්වෙන අතර එදිනම වාහලනාග උපසම්පදා පෙරහැර ද ආරම්භ වේ. උපසම්පදා පෙරහැර පෝය දින පහක් තුළ පැවත්වේ. මල්වතු මහා විහාරයෙන් සාමනේර වරු පස්නමක්ද අස්ගිරි මහා විහාරයෙන් සාමනේර භික්ෂූන් පස්නමක්ද උපසම්පදා පෙරහැර මංගල්,යට සහභාගී කරවා ගනිති. මෙවැනි උපසම්පදා පෙරහර පහක් පමණ පැවැත්වීම සිදුවේ. එදා රජවාසල විසින් පිරිකර පූජා කරන ලදී. අද දියවඩන නිලමේ තුමා විසින් වාහල නාග නම් ඔටුන්න පැළඳවීම (දියවඩන නිලමේතුමා නොමැති අවස්ථා වලදී කාරිය කරවන කෝරාළ විසින් මෙම චාරිතර වාය ඉටුකරනු ලබයි.* හා අට පිරිකර පූජා කිරීම සිදුකෙරේ. එසේම පොසොන් පොහෝ දිනයේදී දර්ශනීය පොසොන් පෙරහර මංගල්ලය වීදි සංචාරය කරනු ලබයි.

     

     

Copyright 2012 © Sri Dalada Maligawa. All rights reserved.
Powerd by Restgate