ප්‍රවෘත්ති හා විශේෂාංග

  • Sharebar

එක්සත්ජනපදයේ මෙරට ගරු තානාපතිනි මිෂෙල් ජේ සීසන් මහත්මිය අද දින ශ්‍රී දළදා මාළිගාව වෙත පැමිණියාය

එක්සත්ජනපදයේ මෙරට ගරු තානාපතිනි මිෂෙල් ජේ සීසන් මහත්මිය අද දින ශ්‍රී දළදා මාළිගාව වෙත පැමිණියාය.
එහිදී දළදා මාළිගාවේ ගරු දියවඩන නිළමේ තුමන් බැහැදැක සුහද කථාබහක නිරත වුන අතර එලැබෙන සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් සුභ පැතුම් ද එක්කළාය.
දියවඩන නිළමේ තුමන් විසින් ඇයට සමරු තිළිණයක් ද ඒ අවස්ථාවේ දී ප්‍රදානය කළ අයුරු ඡායාරූපයේ දැක්වේ.

Sinhala

ජිනීවා සමු`ථවේ දී ලංකාවට එරෙහිව ඉදිරිපත් වී තිබෙන යොජනා පිළිබ`ද අති පූජ්‍ය මහානායක ස්වාමීන් වහන්සේලා ඇතු`ථ මහා සංඝරත්නය දැනුවත් කිරීම.

අති පූජ්‍ය මල්වතු අස්ගිරි මහානායක මාහිමිපාණන් වහන්සේලා අතිගරු ජනාධිපති තුමාගෙන් කළ ඉල්ලීම මත මේ පිළිබ`ද පැහැදිළි කිරීමට විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්. පීරිස් මැතිතුමා යොමු කරන ලදී. ඒ අනුව ගරු අමාත්‍ය තුමා අද දින ඓතිහාසික ශ‍්‍රී දළදා මාළිගා පරිශ‍්‍රයේ සම්මන්ත‍්‍රණ ශාලාවේ දී මේ පිළිබ`ද කරුණු අතිගරු මහානායක මාහිමිපාණන් වහන්සේලා ඇතු`ථ මහා සංඝරත්නය දැනුවත් කරන ලදී.

Sinhala

මිනිගමුවේ රතනපාල නායක ස්වාමින්ද්‍රයන් වහන්සේට මල්වතු මහා විහාරයේ විංසත් වර්ගික ගරුතර කාරක සංඝ සභාවට පත් වීම

මල්වතු මහා විහාරවාසී ගොකරැල්ල කැකිරිහේන්පිටියේ රන්මණ්ඩාපොකුණ විහාරය සහ පලාගල පහළගම චාමරගල පුරාණ විහාරය යන විහාරද්වයාධිපති මිනිගමුවේ රතනපාල නායක ස්වාමින්ද්‍රයන් වහන්සේට මල්වතු මහා විහාරයේ විංසත් වර්ගික ගරුතර කාරක සංඝ සභාවට පත් වීම නිමිතිකොටගෙන ඓතිහාසික රාජපූජිත මල්වතු මහා විහාරයීය උපෝසථාගාරයේ දී ප්‍රසාද පූජාව වර්ෂ 2014 ක් වූ මැදින් මස 13 දින පැවැත්විණ. මෙම පූජෝත්සවය සඳහා මල්වතු පාර්ෂවයේ මහා නායක අතිගෞරවර්හ තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහා නායක මා හිමිපාණන් වහන්සේ, මහා සංඝරත්නය සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර ටිකිරි කොබ්බෑකඩුව මහතා ඇතුළු ගිහි පිංවතුන් රැසක් සහභාගී වූහ.

Sinhala

ශ්‍රි දළදා මාලිගාවේ ‍ඓතිහාසික වටිනා කම මොබිටෙල් Wi-Fi සේවාව ඔස්සේ සංචාරකයන්ට.

2014 පෙබරවාරි 05 මහනුවර :
ජාතික ජංගම දුරකථන ජාලය වන ශ්‍රි ලංකා ටෙලිකොම් මොබිටෙල් ආයතනය තවත් සුවිශේෂි මෙහෙවරක නියලෙමින් ශ්‍රි දළදා මාලිගාවට Wi-Fi සේවාව සැපයිමට පියවර ගෙන තිබේ . ඒ අනුව එහි පැමිණෙන සංචාරකයන් හට පූර්ණ විස්තර සහිත මඟ පෙන්විමක් අන්තර්ජාලය ඔස්සේ ලබාගත හැක.

Sinhala

පිටු