ශ්‍රී දළදා මාලිගාව

  • Sharebar

<p>මහනුවර ඓතිහාසික ශ්‍රී‍්‍ර දළදා මාලිගාව මුල්වරට ගොඩනඟනු ලැබුයේ පළමු වෙනි විමලධර්මසූරිය (1592-1604) රජතුමා විසිනි. එතුමා ඉදිකළ ශ්‍රී‍්‍ර දළදා මාලිගාව පෘතුගීසි ආක‍්‍රමණිකයෝ විනාශ කළහ. එහි නටඹුන් මත නව බුදුමැදුර ගොඩනඟා ඇති බව කි‍්‍ර.ව. 1765 අදින ලද මහනුවර මාලිගා සංකීර්ණයේ බිම් සැලසුමකින් අනාවරණයවේ. දැනට දක්නට ලැබෙන පැරණි දෙමහල් වැඩසිටින මාලිගාව ඉදිකරනු ලැබ ඇත්තේ වීරපරාක‍්‍රම නරේන්ද්‍රසිංහ (1707-1739) රජතුමාය. ඉන්පසු රජ පැමිණි නායක්කර් වංශික ද්‍රවිඩ රජවරු පවා ශ්‍රී‍්‍ර දළදා මාලිගාව වැඩි දියුණු කොට ආරක්ෂා කළහ. රාජ රාජ මහාමාත්‍ය වරුන්ගේ පමණක් නොව සකල ලෝකවාසී බෞද්ධ ජනතාවගේම මුදුන් මල්කඩ වැනි ශ්‍රී‍්‍ර දළදා මාලිගාව දිනපතා නොකඩවාම දෙස් විදෙස් බැතිමතුන් ගේ හා සංචාරකයින්ගේ විශේෂ ගෞරව ප‍්‍රණාමයට පාත්‍රවේ.</p>