අලූත් සහල් මංගල්ලය

  • Sharebar

ශ‍්‍රී‍්‍ර දළදා මාලිගාවේ නානුමුර මංගල්‍යයට අමතරව සෑම වසරේම දුරුතු පෝයට අලූත් සහල් මංගල්‍යය පැවැත්වේ. ශ‍්‍රී‍්‍ර දළදා මාලිගාවේ පැරණි අටුව පිහිටා තිබුණේ ගුරු දෙණියේ කෙත්යායට යාබදවය. මහවැලි යෝජනා ක්‍‍්‍රමයෙන් එම අටුව පිහිටි භූමියද ජලයෙන් යටවූයෙන් ඒ වෙනුවට කුණ්ඩසාලේ පල්ලෙකැලේ රජයේ ඉඩමකින් කොටසක් ශ‍්‍රී‍්‍ර දළදා මාලිගාවට පවරා දෙන ලදී. වර්තමාන අටුව පිහිටා ඇත්තේ මෙම ඉඩමේය. ශ‍්‍රී‍්‍ර දළදා මාලිගාවට වාර්ෂිකව ලැබිය යුතු හම්බා සහ වෙනත් වී සහල් අස්වැන්න තැන්පත් කරනුයේ මෙම අටුවේය. අළුත් අස්වැන්නෙන් ලැබෙන වී සහල් අවශේෂ විහාර හා දේවාලවලට මෙදින බෙදාදීම සිරිතක්ව පවතී. ශ‍්‍රී‍්‍ර දළදා මාලිගාවේ සිට පෙරහැරකින් පල්ලෙකැලේ අටුව දක්වා ගමන් ගන්නා අතර එම පෙරහැරට දියවඩන නිලමේ තුමාද බස්නායක නිලමේවරුද වෙනත් නියෝජිතයෝද සහභාගි වෙති. පෙරහැර අවසන් වී නැටුම් හා බෙරවාදකයින්ගේ සංදර්ශනයකින් අනතුරුව කැවුම් කිරිබත් ආදියෙන් කෙරෙන සංග‍්‍රහයකින් පසු අදාල පාර්ශව ඉදිරියේ ශ‍්‍රී‍්‍ර දළදා මාලිගාවේ ලේකම් වරයා විසින් බෙදිය යුතු සහල් ප‍්‍රමාණය කියවා බෙදාදීම සිදුකරයි. මෙසේ බෙදා දුන් අස්වැන්න හේමකදක තබා රැුගෙන යාම සිරිතකි. එසේ ගෙන එනු ලබන අලූත් සහලින් සේරු 80 ක් පමණ ගෙන දානය පිළියෙල කර ශ‍්‍රී‍්‍ර දළදා වහන්සේට පූජා කිරීමද සාම්ප‍්‍රදායික චාරිත‍්‍රයකි.