25 වසරක සංරක්ෂණ කටයුතු වලින්පසු යළිත් විවෘත වන අභයගිරිය චෛත්‍ය රාජාණන්.

  • Sharebar

25 වසරක සංරක්ෂණ කටයුතු වලින්පසු යළිත් විවෘත වන අභයගිරිය චෛත්‍ය.රාජාණන්.
වසර අටසියයකට පමණ කාලයකට පසු දෙස් විදෙස් බැතිමතුන්ගේ ද ශ්‍රම දායකත්වයෙන් සංරක්ෂණ කටයුතු සිදුකර හෙට දින බැතිමතුන් උදෙසා විවෘත කරන අනුරාධපුර අභයගිරිය පිළිබද සටහනක්..
--------------------------------------------------------------------------------------------------------------------------------------------------

වළගම්බා රජතුමා රාජ්‍යත්වයට පත් වී මාස පහක්‌ ගතවෙත්ම, රුහුණේ 'නකුල නගර' නම් ප්රයදේශයක විසූ 'තිස්‌ස්‌ නම් බමුණෙකු රජකුමාට විරුද්ධව කැරලි ගැසුවේය. ඒ අවධියේම දකුණු ඉන්දියාවෙන් පැමිණි ද්රතවිඩයන් සත් දෙනෙකු අනුරාධපුර රාජධානිය ආක්රුමණය කළේය. ඒ අතුරෙන් වදාමහ නම් වූ ආක්රණමණිකයා රජතුමාගේ ප්රාුණ සම බිසව වූ සෝමා දේවිය ද තවකෙකු පාත්රාු ධාතුව ද රැගෙන යළි ඉන්දියාවට ගියේය. රජතුමා දිවි බේරාගෙන මලය රටට පලා ගොස්‌ සැඟවී ඇති දුෂ්කර ජීවිතයක්‌ ගත කරමින් සේනා සංවිධානය කළේය. මේ කාලයේ දීම 'බැමිණිටියා' සාය නමින් බියකරු නියඟයකට රට ගොදුරු විය. බඩගින්නෙන් වියරු වැටුණු මිනිසුන් මෙකල මිනීමස්‌ පවා අනුභව කළ බව ඉතිහාසයේ සඳහන් වී තිබේ. මේ සියලු ව්‍යසන මැද, එකිනෙකා ඝාතනය කරමින් තුදුස්‌ වසරක්‌ තිස්‌සේ මෙරට පාලනය කළ පුලහත්ථි, බාහිය, පණයමාර, පිළයමාර, දාඨිය යන ද්ර‌විඩ ආක්රිමණිකයන් අතරින් අවසානයට සිටි දාඨිය විනාශ කර වළගම්බා රජතුමා රාජ්යාත්වයට පත් විය.

වළගම්බා රජතුමා සතුරන්ගෙන් බේරී පලා යන මොහොතේ එක්‌ අසපුවක සිටි 'ගිරි' නම් නිගණ්‌ඨයකු 'මහ කලු සිංහලයා පලා යයි' යනුවෙන් හඬ නගා පැවසීය. ඔහු එසේ කළේ සතුරන්ට රජු ගැන ඔත්තුවක්‌ ලබා දීම පිණිසය. මේ බස මතක තබාගත්a වළගම්බා රජතුමා, තමා රාජ්යජත්වයට පත් වූ පසු එම ගිරි නිගණ්‌ඨයාගේ අසපුව විනාශ කර එම ස්‌ථානයේ මහා දාගැබක්‌ ඉදිකළේය. තමාගේ නමින් 'අභය' කොටසත් නිගණ්‌ඨයාගේ නමින් 'ගිරි' කොටසත් එකතු කර 'අභයගිරි' නමින් එම දාගැබ නම් කළ බව මහාවංශයේ සඳහන් වේ. එසේ වූ වෙස්‌සගිරි, මේඝගිරි මෙන්ම ෙච්තියගිරි ආදී නම්වලින් හැඳින්වෙන්නේ පර්වත ආශ්රගයෙන් ඉදිකළ විහාර වේ. ඒ අනුව, දීගපාෂාණය නමින් ප්රැකට විශාල පරිවත භූමිය ආශ්රිේතව ගොඩනැඟූ විහාරය, "අභයගිරි" විය හැකි බව මහාචාර්ය කුලතුංග මහතා පෙන්වා දී තිබේ.

අභයගිරි විහාරය පිහිටා ඇත්තේ අනුරාධපුර ඇතුළු නුවරට උතුරෙනි. එබැවින් අභයගිරි විහාරය 'උත්තුර විහාරය, උතුපොළ විහාර' ආදී නම්වලින් ද හඳුන්වා තිබේ. එමෙන්ම වංසත්ථප්පකාසිනියෙහි සඳහන් වන්නේ, වළගම්බා රජතුමාගේ සොහොයුරා ඝාතනය කිරීමට කුමන්ත්ර්ණය කර අවසානයේ දිවිනසා ගත්, අභය සහ උත්තර යන කුමාරුවරුන් දෙදනා සිහිවීම පිණිස ඔවුන්ගේ ඥතීන් විසින් මෙම ස්‌ථානයේ 'අග්ගිප්පවෙසික' නමින් දාගැබක්‌ සෑදූ බවයි. ගජබාහු රජතුමා මේ දාගැබ විශාල කර 'අභ්ය්ත්තර' නාමය තබා තිබේ.

ශ්රීත ලංකාවේ වෙනත් දාගැබ්වල මෙන්, අභයගිරි දාගැබේ නිදන් කළ ධාතු පිළිබඳ පැහැදිලි තොරතුරක්‌ හමු නොවේ. එහෙත් පස්‌ වැනිසියවසේ ශ්රීග ලංකාවට පැමිණි චීන ජාතික µdහියන් භික්ෂු ව, සිය දේශාටන වාර්තාවේ සඳහන් කර ඇත්තේ බුදුරජාණන් වහන්සේගේ සිරිපා ලකුණ මත අභයගිරි දාගැබ ඉදිකර තිබෙන බවය. පාලි මහා බෝධිවංශයේ සඳහන් වී ඇත්තේ, සිව් බුදුවරයන් වහන්සේලා, ශ්රී් ලංකාද්වීපයට වැඩමකර, යළි දඹදිවට වැඩම කිරීම සඳහා අහසට නැගුණු ස්‌ථානවල පාදලාංඡන ස්‌තූප ඉදිකර තිබෙන බවය. ඒ අතරින් ගෞතම බුදුරජාණන් වහන්සේ, සිය තෙවැනි ලංකාගමනයේදී දඹදිවට වැඩම කිරීම සඳහා අහසට නැගී ඇත්තේ මතු ඇතිවන ශිලා ෙච්තිය නම් ස්‌ථානයෙන් බව, බෝධිවංශ ග්රමන්ථපද විවරණයේ සඳහන් වේ. මේ ශිලා, ෙච්තිය කුමක්‌ද යන්න, දීපවංශ පාඨය ඇසුරෙන් මහාචාර්ය සෙනරත් පරණවිතාන පෙන්වා දෙන්නේ 'අභයගිරි විහාරය සහ එම චෛත්ය අභ්යනන්තරයෙහි පිහිටි සිලාථූපය හෙතෙම කරවීය' යනුවෙනි. මෙම විශ්වාසය තහවුරු කරන, ඉතා දුර්ලභ සිරිපතුල් ලාංඡනයක්‌, අභයගිරි දාගැබ් මළුවේ තිබී හමුවී ඇති බව මහාචාර්ය කුලතුංග පවසයි. එකී සිරිපතුල් ලාංඡනය නෙළා ඇත්තේ, සාමාන්යැයෙන් අප නිතරම දකින, ගලෙන් ඉහළට මතුකෙරෙන උත්තලාකාර ස්‌වභාවයෙන් නොවේ. බුරුල් පසෙහි පා තැබූ විට එහි ගැඹුරට සටහන් වන පා සලකුණක්‌ ආකාරයෙනි.

අභයගිරි දාගැබ නමදින සුප්රභකට ගාථාවේ සඳහන් වෙන්නේ, රනින් කළ වෘෂභයෙකුගේ කුසෙහි සර්වඥ ධාතු තැන්පත් කර එය, අභයගිරි දාගැබේ නිදන් කර ඇති බවය. අභයගිරි දාගැබේ මෑතකදී කළ කැණීම්වලින්, එහි නැගෙනහිර වාහල්කඩේ තැන්පත් කර තිබූ සර්වඥ ධාතු හමුවී තිබේ. මැටි කරඬුවක්‌ තුළ වූ රමණීය රන් කරඬුවක මේ ධාතුන් වහන්සේලා තැන්පත් කර තිබිණි. එය පොළොන්නරුවේ රජ කළ කල්යාමනවතී රැජිණගේ පූජාවක්‌ ලෙස සැලකේ.

මේ අනුව පූජනීයත්වයෙන් අනෙක්‌ දාගැබ්වලට වඩා පැහැදිලිවම වෙනස්‌ ස්‌වරූපයක්‌ ගන්නා අභයගිරි දාගැබ ලෝකයේ විශාලත්වයෙන් දෙවැනි තැන ගන්නා දාගැබ ද වේ. එය, පුරාණ ලෝකයේ මිනිස්‌ අතකින් ඉදිකළ ගොඩනැඟිලි අතර විශාලත්වයෙන් සතරවැනි ස්‌ථානය ගනී. ඉදිකළ අවධියේ මේ මහා දැගැබේ උස රියන් 120 ක්‌ හෙවත් අඩි 400 ක්‌ පමණ වූ බව විද්වතුන් විශ්වාස කරයි. 12 වැනි සියවසේ මහා පරාක්රරමබාහු රජතුමා කළ අවසාන ප්රරතිසංස්‌කරණවල දී එහි උස අඩි 280 ක්‌ වී තිබේ. එක්‌ පැත්තක්‌ අඩි 585 ක්‌ දිගැති සමචතුරාශ්රා්කාර සලපතල මළුවේ විශාලත්වය අක්‌කර අටකි. මේ අනුව ලෝකයේ දාගැබක්‌ සතු විශාලතම සලපතළ මළුව අභයගිරි දාගැබට හිමි වී තිබේ. වැලි මළුව ද සහිතව අභයගිරි චෛත්යක අංගණය විශාලත්වයෙන් අක්‌කර 14 ඉක්‌මවයි.

මේ ආකාරයට අසමසම වූ අභයගිරිය ඉදිකළ වළගම්බා රජතුමා, එවකට මහාවිහාරයේ වැඩ විසූ 'කුපික්‌ගල තිස්‌ස්‌ නම් භික්ෂුකන් වහන්aසේට එය පූජා කර තිබේ. තිස්‌ස තෙරණුවෝ වූ කලී, පරසතුරන්ගෙන් සිය මාතෘ භූමිය නිදහස්‌ කර ගැනීම පිණිස තුදුස්‌ වසරක්‌ පුරා මලය රටේ වනවැදී අප්රුමාණ දුෂ්කරතා විඳිමින් සේනා සංවිධානය කළ අවධියේ, වළගම්බා රජතුමාට මහත් සේ උපකාර කළ භික්ෂුනන් වහන්සේ නමකි. එසේ වුව, කවර හෝ ප්රුතිලාභයක්‌ භික්ෂුකන් වහන්සේ නමක්‌ විසින් පෞද්ගලිකව ලබා ගැනීම, නිර්මල ථේරවාදී 'මහා විහාර සම්ප්රහදායට' පටහැනි ක්රි්යාවක්‌ විය. එහි ප්රගතිඵලය වූයේ තිස්‌ස තෙරණුවෝ "කුලසංඝට්‌ඨව වෙහෙතියි" (ගිහියන් සමඟ අනවශ්යා ලෙස සම්බන්ධතා පැවැත්වීම) යන චෝදනාව මත පබ්බාජනීය කර්මය සහිතව මහාවිහාරයෙන් නෙරපා හැරීමයි. මහා විහාරයේ මෙම තීරණය නොපිළිගත්, තිස්‌ස තෙරණුවන්ගේ ශිෂ්ය්යෙකු වූ 'බහලමළු තිස්‌ස්‌ හිමියෝ, ඊට විරෝධය පාමින් විශාල භික්ෂු පිරිසක්‌ සහිතව මහාවිහාරයෙන් ඉවත්ව අභයගිරියේ පදිංචි වූහ. මෙම සිදුවීම ශ්රීහ ලංකා ශාසන ඉතිහාසයේ ඉතා තීරණාත්මක එකක්‌ වූ අතර, එය ශ්රීය ලංකාවේ ප්රසථම සංඝ භේදය ලෙස ඉතිහාසයට එකතු වී තිබේ.

මෙම ඓතිහාසික සිදුවීමෙන් පසුව අභයගිරි විහාරය වඩාත් ස්‌වාධීනව සහ වේගවත්ව වර්ධනය විය. නිකාය සංග්රකහයේ එය මෙසේ සඳහන් වේ. 'එකල හෙතෙම (බහලමළු තිස්‌ස)... ථේරිය නිකායෙන් භින්නව අභයගිරි වෙහෙර ගොස්‌ වසනුයේ, වඡ්ජිපුත්ර නිකායෙහි ධර්මරුචි නම් ආචාරින්ගේ ශිෂ්යෙයන් දඹදිව පල්ලරාරාම නම් විහාරයෙන් මෙරටට අවුත් තමා කරා වන් කල්හි ඔවුන්ගේ සමය කැමතිව ඔවුන් හා එක්‌ව ධර්මරුචි නම් ආචාරීව විසීය. එතැන් පටන් අභයගිරි වාසීහු ධර්මරුචි නිකාය නම් වූහ.'

මහායාන අදහස්‌ ඇතුළු වුවද අභයගිරි විහාරයේ එය පමණක්‌ නොව, ථෙරවාදය ඇතුළු විවිධ ආගම් සහ දර්ශනවාද, වෛද්යතකර්මය, ජ්යෙණdතිෂය වැනි විද්යාාවන්, වාපී, ලෝහ, සායම් තැනීම ඇතුළු කර්මාන්ත ආදී පුළුල් පරාසයක විෂයයන් උගන්වා තිබෙන බව මෑතක දී සිදුකළ පුරාවිද්යාට කැණීම් මගින් තහවුරු වී තිබේ. විචාරශීලී සහ විවෘත බවකින් අධ්යසයන කටයුතු සිදු කිරීම නිසා, අනුරාධපුරයේ අවසාන භාගය වන විට, අභයගිරිය ලෝකප්රවකට විද්යාකයතනයක්‌ බවට පත් වී තිබේ. ආර්. ඒ. එල්. එච්. ගුණවර්ධන මහතා පෙන්වා දී ඇත්තේ, සමකාලීන බෞද්ධ රටවල් වූ දකුණු ඉන්දියාව, චීනය, කාශ්මීරය, ජාවා ආදී රටවල් සමඟ සමීප සම්බන්ධතාවකින් අභයගිරිය කටයුතු කර තිබෙන බවයි. ලංකා විශ්වවිද්යාිලයේ, ලංකා ඉතිහාසයේ දැක්‌වෙන අන්දමට පස්‌වැනි සියවසේ දී චීන භික්ෂුංණීන්ට නිවැරදි උපසම්පදාව ලබාදීමට මූලික වී ඇත්තේ අභයගිරියේ මෙහෙණි ආරාමයක වැඩ විසූ සිංහල භික්ෂුීණීන් වහන්සේලා පිරිසකි. එහි ගිය ඔවුන්ගේ ගණපුරණය මදිවීම නිසා නැවත වරක්‌ "තිසාර", (තිව්-සො-රා) නම් භික්ෂුිණියකගේ ප්රගධානත්වයෙන් තවත් කණ්‌ඩායමක්‌ චීනයට වැඩම කර තිබෙන බව, පී.-චියු-නි-චුත් නම් ඉපැරණි චීන ග්රණන්ථයක සඳහන් වන බව මහාචාර්ය කුලතුංග පෙන්වා දෙයි. පස්‌වැනි සියවසේදීම යසගුප්ත සහ බුද්ධ නන්දි ඇතුළු භික්ෂු න් වහන්සේලා පස්‌ නමක්‌ බුදුපිළිම සහ පාත්රාද ධාතුවේ චිත්රීයක්‌ රැගෙන චීනයට වැඩම කළ බව චීන මූලාශ්රුවල සඳහන් වේ.

අනුරාධපුර යුගයේ අවසාන භාගය වන විට, අභයගිරිය ලෝකප්ර්කට විද්යාණයතනයක්‌ බවට පත් වී තිබේ. පස්‌වැනි කාශ්යභප (ක්රිඅ.ව. 914 - 923) සහ හතරවැනි මහින්ද (ක්රිප.ව. 956 - 972) යන රජවරුන්ගේ ශිලා ලිපිවලින් හෙළිවෙන්නේ මනා ලෙස සංවිධානය වූ මූලායතන සතරකින් එකල අභයගිරිය සමන්විත වී තිබූ බවය. උත්තර මුළ, වහදු මූළ, කපාර මූළ සහ මහනෙත් පාමුළ එම මූලායතන විය. පස්‌වැනි සියවසේ දී භික්ෂුනන් වහන්සේලා, පන්දහසක්‌ අභයගිරියේ වැඩ සිටි බව පාහියන් හිමියෝ සඳහන් කරති. කැණීම් මගින් පාදා තහවුරු කරගෙන ඇති අභයගිරි දාන ශාලාවේ ඇති සෙල්මුවා බත් ඔරුව, පන් දහසකට බත් දැමිය හැකි ධාරිතාවකින් යුක්‌ත බව ආචාර්ය රෝලන්ඩ් සිල්වා මහතා පෙන්වා දී තිබේ.

සිරිමේඝවණ්‌න රජතුමාගේ (ක්රිත.ව. 303 - 331) කාලයේ දී මෙරටට වැඩමකරවන ලද දන්ත ධාතුන් වහන්සේගේ භාරකාරත්වය අභයගිරි විහාරයට පැවරී තිබූ බව වංශකතාවල සඳහන් වේ. එමෙන්ම පාත්රා3 ධාතුව ද අභයගිරියේ තිබූ බව සැලකෙන අතර, එය අභයගිරි දාගැබේ නිදන් කර තිබෙන බවට ද විශ්වාසයක්‌ පවතී. අනුරාධපුර ඇතුළු නුවර ධම්මචක්‌ක පහයේ (දළදා මාලිගාවේ) වඩා හිඳුවා තිබූ දළදා වහන්සේ, වසරකට වරක්‌ ඉතා දර්ශනීය මහ පෙරහැරකින් අභයගිරියට වැඩමවන ආකාරය තමා දුටු බව µdහියන් හිමි සඳහන් කර තිබේ. වර්තමානයේ පවා අනුරාධපුර වාර්ෂික දළදා පෙරහැර, ජය ශ්රීී මහා බෝධීන් වහන්සේ අසලින් ආරම්භ වී ධම්මචක්‌ක ගෘහයට පිවිස පූජා පවත්වා, අභයගිරි විහාරයට ගෙවදින බව සැලකිය යුතුය.

වංශකතා විමසිලිමත් ලෙස අධ්ය යනය කරන විට, අනුරාධපුර යුගයේ දී රජවරු, මහාවිහාරයට මෙන්ම අභයගිරියට ද සිය නොමඳ රාජානුග්රධහය ලබා දී තිබෙන බව පෙනේ. එසේ වුවද මහසෙන් රජතුමා (ක්රිට.ව. 276 - 303) සංඝමිත්රඑ නම් භික්ෂුමන් වහන්සේ නමකගේ බස අදහමින්, මහාවිහාරයට මහත් ලෙස පීඩා සිදුකර තිබේ. මේ රජතුමා මහාවිහාරයට සිව්පසය පිදීම තහනම් කිරීම නිසා බෙහෙවින් අසරණ වූ මහාවිහාරික භික්ෂුින් වහන්සේලා, දිවි රැක ගැනීම පිණිස රටේ දකුණු දිගට වැඩම කර තිබේ. භික්ෂුකන් වහන්සේලාගෙන් හිස්‌වූ මහාවිහාරයේ ගොඩනැඟිලි කඩා බිඳ එහි කොටස්‌ අභයගිරියේ නව ගොඩනැඟිලි තැනීමට ගෙනගිය රජතුමා, මහාවිහාර භූමිය සී සා උඳු වැපිරූ බව වංශකතාවල සඳහන් වේ. මහසෙන් රජතුමාට පසුව රජ පැමිණි ඔහුගේ පුත්රය සිරි මේඝවණ්‌න රජතුමා, මේ විනාශය වහා නිවැරදි කරවා, මහාවිහාරය යළි ගොඩනංවා තිබේ. එසේ උපරිම රාජානුග්රතහය තමන්ට ලැබුණද, කිසි විටෙකත්, මහාවිහාරයේ භික්ෂු න් වහන්සේලා අභයගිරියට කවර ආකාරයක දොaෂාරෝපණයක්‌ හෝ කර නැත. එමෙන්ම, තමන්ට කොතරම් රාජානුග්රිහය ලැබුණද අභයගිරි විහාරයේ භික්ෂු න් වහන්සේලා ද මහාවිහාරයට කිසිවිටෙකත් විරුද්ධකම් කර නැති බව සැලකිය යුතුය. මෙය වූ කලී දෙමඟක්‌ ගත්තේ වී නමුදු, ඔවුන්ගේ ප්රදධාන මූලය වූ නිර්මල බුදු දහමින් ඔවුන් ලද පරීක්ෂකණයේ ප්රේතිඵලයක්‌ බව සැලකිය යුතුය. මහාවිහාරික භික්ෂු න් වහන්සේලා නිර්මල ථෙරවාදී බුදු දහම අනුව යමින් සිය විමුක්‌තිය පතා කටයුතු කරද්දී, අභයගිරිය මහායානය ඇතුළු අනෙකුත් විද්යාථවන්ද හදාරමින් වඩාත් ප්‍රායෝගික මාර්ගයකට නැඹුරු වී තිබෙන බව මෙයින් පෙනේ. සමාධි පිළිමය, සඳකඩපහන, මුරගල වැනි ලෝකප්රකකට විශිෂ්ට කලා කෘති රැසක්‌ම අභයගිරිය වෙතින් ලෝකයට දායාද වීම එහි ප්ර තිඵලයකි.

පූජනීයත්වයෙන් අගතැන් ගනිමින්ද, ලෝකයේ කීර්තිමත් විද්යාියතනයක්‌ ලෙස වැජඹෙමින් ද පැවැති අභයගිරිය හෙවත් උත්තරාරාමය, 11 වැනි පියවසේ දී අනුරාධපුර රාජධානිය බිඳවැටීමත් සමඟම ගන වනයෙන් වැසී නටබුන් විය. අවසන් වරට මේ මහා දාගැබ ප්ර තිසංස්‌කරණය කරනු ලැබුවේ 12 වැනි සියවසේ දී මහා පරාක්රිමබාහු රජතුමා (ක්රිැ.ව. 1153 - 1186) විසිනි. එතැන් පටන් අලි, කොටි, වළසුන්ගේ කෙළිබිමක්‌ව පැවැති අභයගිරි දාගැබ 19 වැනි සියවසේ අග භාගයේදී, පුරාවිද්යාන කොමසාරිස්‌ එච්. සී. පී. බෙල් සහ වාස්‌තු විද්යාිඥ ඡේ. ඒ. ස්‌මිදර් මහත්වරුන්ගේ ගවේෂණ නිසා යළි ලොවට හෙළිපෙහෙළිවීම ඇරඹිනි. ඉන්පසුව 1909 වසරේ දී නැවත අනුරාධපුර මහාවිහාරයේ, අටමස්‌ථානයට නිල වශයෙන්ම ඇතුළත් කළ අභයගිරිය, යුනෙස්‌කෝ සංවිධානයේ ආධාර සහිතව සංස්‌කෘතික ත්රි්කෝණ වැඩපිළිවෙළ යටතේ, මධ්යඉම සංස්‌කෘතික අරමුදල මගින් සංරක්ෂතණය කිරීම ඇරඹුණේ, 1981.10.03 වැනි දිනදීය. එතැන් සිට පුරා වසර 34 ක්‌ තිස්‌සේ කළ සංරක්ෂෂණ කටයුතු නිමවා අභයගිරිය නම් වූ පූජනීය ලෝක උරුමය ශ්රීස ලංකා ජනපති තුමන්ගේ සහභාගිත්වයෙන් ඇසළ පුන් පොහෝදින (2015.07.31) බෞද්ධ ලෝකය ප්රටධාන සමස්‌ත මානව වර්ගයාටම යළි තිළිණ කෙරේ.
***
Special Post | Media Bureau ©2015/7