හෙට්ඨාපාදතලේසු චක්කානි ජාතානි :- යටි පතුල් හි චක්‍ර ලක්ෂණ පිහිටි බව

  • Sharebar

යටි පතුල්හි චක්‍ර ලක්‍ෂණ මින් අදහස් කෙරේ. මේ ලක්‍ෂණය දරන්නන් මහ පිරිස් ඇතිව වෙසෙන බව සූත්‍රයේ සඳහන් වේ. පෙර ජාතියේදී බොහෝ දෙනාට හිත සැප පිණිස ක්‍රියා කිරීම මේ සඳහා මූලික වී තිබේ. මෙය ශ්‍රී පාදයෙහි ප‍්‍රතිෂ්ඨාපිත චක‍්‍ර ලක්‍ෂණය විශේෂ සලකුණක් සේ විශේෂයෙන් සටහන්ව ඇත්තේ ලක්ඛණ, මහා ප‍්‍රදානබ‍්‍රහ්මායු සූත‍්‍ර විවරණය හි සේම පජ්ජමධුව , චක‍්‍ර හා සම්බන්ධ ඇතැම් බාහිර ලක්‍ෂණ ගැන විස්තර ඉදිරිපත් කරයි. දහසක් දැවි ඇති, නිම් වළලු සහිත මනා බෙදුම් ඇති සර්වාකාර පරිපූර්ණ චක‍්‍ර ලක්‍ෂණය යටි පතුලෙහි පිහිටි බව මෙයින් විස්තර කෙරේ. එමෙන්ම ලක්ඛණ සූත‍්‍රයේදී මේ ලෙසින්ම චක‍්‍ර ලක්‍ෂණය හා සම්බන්ධ බාහිර ලක්‍ෂණ වර්ණනා කර ඇත. අප තථාගත සම්බුදු පියාණන්ගේ දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ අතුරෙන් චක‍්‍ර ලක්‍ෂණය අතිශයෙන් වර්ධනයට පත් ප‍්‍රධාන ලක්‍ෂණයකි. මූලික චක‍්‍ර ලක්‍ෂණය පරිවාර ලකුණු රාශියකින් සංවර්ධිත විය. පරිවාර සංකේත රාශිය ගණනින් 108 පමණය.

චක‍්‍රරත්නය (චක්කා), ශ්‍රී අංගය (සිරිවච්ඡකො), ස්වස්තිකය (ස්වස්ති) දක්ෂිණාවර්තය (නන්දවත්ති), අවතංසකය (අවතංස), භද්‍රපීඨය (භද්දපීඨං), පුන්කළස (පුණ්ණකුම්භො), පූර්ණපාති‍්‍ර (පාති), ශ්වේතච්ඡත‍්‍රය (සොතාතපත්ත), කඩුව (ඛග්ගො), තාලවන්ත සහිත විජිනිපත (සතාලවණ්ටසංවීජනී), මයුර හස්තය, (මොරහෙත්‍ථා), අංකුසය (අකුසො), ප‍්‍රාසාද ලක්‍ෂණ(පාසාද), උෂ්ණීෂකය (උණ්හීස), උත්පල (උප්පල), මාණික්‍ය (මණි), පද්මය (පදුම),

 

සමුද්‍රය (සමුද්දො), මෙරු පර්වතය (මෙරු), චක‍්‍රවාට පර්වතය (චක්කවාළසිඛරී), හිරු (සූරො), සඳ (චන්දො), නක්‍ෂත‍්‍ර (නක්ඛත්ත), සක්ලකුණ (චකකං), ධජය (ධජො), මහාවිජයොත්තරසක (මහාවිජයුතතරාකඛ්‍යංසංකං), ස්වර්ණ මත්ස්‍ය යුගල (සොවණණ මච්ඡයුගලං), සෙමෙර (චාමර) කිඹුල් ලකුණ (කුම්භීලදග්ගහිතතො), සප්ත මහාගංගාවෝ (සත්තාපගා), සප්ත මහාවිල් (දහාචසත්ත), සප්තකුඨ පර්වත (සෙලාචසත්තං), පතාකා (පතාකා), පටඬ්කි (පටඬ්කි), කේසරසිංහ (මිගින්ද), ගුරුළුරජ (සුපණ්ණරාජ), වළාහක අශ්වරාජ (වළහක අසසපති), ජද්දන්ත ඇත්රජ (ජද්දන්ත), උපොසිථ හස්තිරාජ (චරණූපොසථහත්ථිරාජ), කෛලාස පර්වත ප‍්‍රතිමාව (කෙලාසසෙලපටිමා), හංසලකුණ (පාදහංස), ඓරාවන හස්තිරාජ (එරවනොකරිවරො), වාසුකි නම් නාගරාජයා (වාසුකි නාගරජො), මයුර රාජා (මොරරාජං), චතුර්මුඛ ස්වර්ණ නෞකා (චතුමුඛහෙමනාවා), කරවීක පක්ෂියා (කරවීක පක්ඛි), සක්වාළිහිණියා (චක්කවාක), මකර ලක්‍ෂණය (මකරා), කොස්වාළිහිණියා (කොංච), ජිවංජීව (ජීවජීව), කිංපුරිස (කින්නර), කින්නරාංගනා (කින්නරී), වෘෂභරාජයා (උසභො), වස්සා සහිත ධෙනුව (සවච්ඡධෙනු), සොඪස බ‍්‍රහ්ම ලෝක (සොළසධාතුධාම), සත්වරූප (පද සත්තරූපා) ආදිය ඒවා අතර කිහිපයකි.

අට්ඨකථාවේ දැක්වෙන්නේ චක‍්‍ර ලක්‍ෂණය තුළ සටහන්ව ඇත්තේ ලක්‍ෂණ කිහිපයක් පමණකි. අට්ඨකථාවට පසුව රචිත සිංහල කෘතියක් වන ධර්මප‍්‍රදීපිකාවේ සිරිපතුලෙහි සංකේත 65 ක් පමණක් අන්තර්ගත බව දක්වා ඇත.

චක‍්‍ර ලාංඡනය පිළිබඳ මෙකී විවරණයෙන් බාහිරව ශ්‍රී පාද පතුළෙහි චක‍්‍ර ලක්‍ෂණයක් පිහිටි බව අංගුත්තර නිකායෙන් හමුවේ. බුදුන් වහන්සේ උක්කට්ඨා සහ සේතව්‍ය මහා මාර්ගයේ හුදකලාව වඩින විට මාර්ගයේ ගමන් ගත    ද්‍රෝණ නම් බ‍්‍රාහ්මණයෙක් බුදුරදුන්ගේ පිය සටහනෙහි වූ අර, නිම් වළලු, චක‍්‍ර, නාඹි හා ඊට අදාළ උපාංග සියල්ල පරිපූර්ණ වූ චක‍්‍ර සටහනක් දැක ඇත.
 

පශ්චාත් කාලීන කෘතිවල බුදුන්වහන්සේගේ අතිමානුෂික මහිමය ප‍්‍රභාවිත කිරීම සඳහා පත්ළෙහි චක‍්‍ර ලක්‍ෂණය පිළිබඳ චිත්තාකර්ෂණීය වර්ණනාවක් ඇතුළත් කර ඇත. දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ පිළිබඳ දීර්ඝ විස්තරයක් ගෙන හැරපාන පජ්ජමධුව, චක‍්‍ර ලක්‍ෂණය කුසලතා පූර්ණ කලාකරුවෙකු විසින් නිර්මාණය කරන ලද චක‍්‍රයක ආකාර බැව් සඳහන් කරයි. තුන්ලොකස්වාමී වූ බුදුපියාණන් වහන්සේගේ උත්‍රම් ලක්ණ ගැඹුරින් අවබෝධය පිණිස ධර්මප‍්‍රදීපිකාව, ලක්ඛණ සූත‍්‍රය, ආදී සූත්‍ර ඇස්‍රරුකරන්න.