සේවාවන්

  • Sharebar

මොබිටෙල් Wi-Fi සේවාව .

ජාතික ජංගම දුරකථන ජාලය වන ශ්‍රි ලංකා ටෙලිකොම් මොබිටෙල් ආයතනය තවත් සුවිශේෂි මෙහෙවරක නියලෙමින් ශ්‍රි දළදා මාලිගාවට Wi-Fi සේවාව සැපයිමට පියවර ගෙන තිබේ . ඒ අනුව එහි පැමිණෙන සංචාරකයන් හට පූර්ණ විස්තර සහිත මඟ පෙන්විමක් අන්තර්ජාලය ඔස්සේ ලබාගත හැක. මෙම Wi- Fi සේවාව මගින් ශ්‍රි දළදා මාලිගාවට පැමිනෙන විදේශික සංචාරකයන්ට අන්තර්ජාලයට පිවිසීමේ හැකියාව ලැබෙන අතර එහිදි හඬ භාවිතයෙන් කරන මගපෙන්විමක් ( Interactive Voice Guide) තාක්ෂණය ඔස්සේ මාලිගාවේ සෑම අංශයක් පිළිබඳවම දැනුවත්විමේ අවස්ථා ඔවුන්ට හිමිවේ. පිට රටවලින් පැමිණෙන විවිධ ජාතින්ට අයත් සංචාරකයින්ගේ පහසුව සඳහා මෙම මග පෙන්නවීම භාෂාවන් කිහිපයකින්ම සැපයීමට පියවර ගෙන ඇත. මෙම සේවාවට පූජනීය දළඳා මාලිගාව පිළිබඳ වැදගත් තොරතුරැ මෙන්ම ඡායාරෑප ඇතුලත් කර තිබේ . Wi- Fi හරහා හඬ භාවිතයෙන් කරන මෙම මාර්ගෝපදේශන සේවාව ඉදිරියේ දි සියදහස් ගනන් සංචාරකයන් දළඳා මාලිගාව නැරබීමට පැමිණිම සඳහා මහඟු දිරිගැන්වීමක් වනු ඇතයි අපේක්ෂා කෙරේ .

“අපේ මුලික අරමුණ වන්නේ දළඳා මාලිගාවේ ඉතිහාසය සහ එහි ආගමික වටිනාකම පිළිබඳව නරඹන්නන් මැනවින් දැනුවත් කිරිමින්, ඒ තොරතුරැ ලොවපුරා ප්‍රචලිත කිරිමය. මෙරට බුදු දහමේ කේද්‍රස්ථානය වන දළඳා මාලිගාවේ වැදගත් කම පිළිබඳව වාර්ෂිකව මෙහි පැමිනෙන සංචාරකයන් දැනුවත් කිරිම ඉතාමත් වැදගත්. ශ්‍රි දළඳා මාලිගාව නැරබීම සඳහා ටිකට්පතක් මිලදි ගන්නා මොහොතේ සිට නරඹන්නන් හට මෙම Wi-Fi සේවාව හිමිවන අතර මාළිගාවෙන් නික්ම යන මොහොත දක්වාම එය භාවිතා කල හැකිවේ. මෙම සේවාව මඟන් සංචාරකයන්ට ඉමහත් පහසුවක් මෙන්ම ශ්‍රි දළඳා මාළිගාව පිළිබඳ නිවැරදි ඓතිහාසික තොරතුරු ලබා ගැනීමට ද මහඟු පිටුවහලක් වන බව නොඅනුමානය .

 

සනීපාරක්ෂක පහසුකම්

දළදා මාළිගාවට පැමිණෙන දෙස් විදෙස් ජනතාවට අවශ්‍ය සනීපාරක්ෂක පහසුකම් විධිමත් අයුරින් නොතිබීම විශාල අඩුපාඩුවකි. විශේෂයෙන්ම දළදා මාළිගාවට පැමිණෙන විදේශිය සංචාරකින් සඳහා විධිමත් සනීපාරක්ෂක පහසුකම් සළසා දී නොතිබුණි. මේ අනුව අප කරන ලද ඉල්ලීමක් අනුව, සංචාරක අමාත්‍යාංශයේ මුල්‍ය දායකත්වයෙන් ඉතා උසස් මට්ටමින් යුත් වැසිකිළි පද්ධතියක් විදේශිය සංචාරකයින් සඳහා ස්ථාපිත කරන ලදි.

එමෙන්ම දේශිය බැතිමතුන් සඳහා පැවති වැසිකිළි පද්ධතින් වල පහසුකම් තවදුරටත් වැඩිදියුණු කල අතර, විශේෂයෙන් දේශිය බැතිමතුන් සඳහා තවත් අංග සම්පුර්ණ වැසිකිළි පද්ධතියක් මධ්‍යම පරිසර අධිකාරිය මගින් ලබාදුන් මුල්‍ය ප්‍රතිපාදන යටතේ ඉදිකරන ලදි. තවද දළදා මාලිගා පරිශයේ ආසන්නයේ පිහිටි මහනුවර මහනගර සභාවේ වැසිකිලි පද්ධතිය පූර්ණ ලෙස පහසුකම් වැඩිදියුණු කර දළදා මාලිගාවට පැමිණෙන දේශීය බැතිමතුන් සඳහා අවස්ථාව ලබාදෙන ලදී. තවද, දළදා මාළිගාවේ අපජලය බැහැර කිරීමේ ක්‍රියාමාර්ගයට විකල්පයක් ලෙස අපජල පිරිපහදු ඒකකයක් —සිංගප්පුරුවේ නැන්යැන් ටෙක්නොලොජීකල් විශ්ව විද්‍යාලයේ (Nanyang Technological University in Singapore) මුල්‍ය දායකත්වයෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලය හා ජාතික ජල සම්පාදන හා ජලාපහන මණ්ඩලය එක්ව ක්‍රියාත්මක වේ.

 

 06.10.2016 දින චීන රජයේ දායකත්වයෙන් නව අංග සම්පුර්ණ සනීපාරක්ෂක සේවාවක් විවෘත කිරීම ශ්‍රී ලංකා චීන තානාපති Yi Xianliang මැතිතුමන්ගේ ප්‍රමඛත්වයෙන් සිදුවිණි.

අත්වැල

දළදා මාළිගාවට පැමිණෙන අබාධිත හා වයෝවෘද්ධ බැතිමතුන් හට සුදුසු පරිදි පහසුකම් නොමැතිවීම විශාලඅඩුපාඩුවක්ව පැවතුනි. එවැනි තත්වයක් තුළ දළදා හාමුදුරුවන්ව වැඳ පුදා ගැනීම ඔවුන්ගේ ජීවිත කාලයටමසිහිනයක් විය.එමනිසා දියවඩන නිලමේතුමාගේ මෙහෙයවීමෙන් ආබාධිත හා වයෝවෘද්ධ බැතිමතුන්හට අපහසුතාවකින් තොරව උඩමාලය අසලටම පිවිස, දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමට විදුලි සෝපානයක් ස්ථාපිත කර තිබේ. මීට අමතරව විදුලි මෝටර් කාර් රථ තුනක් ද, රෝද පුටු කීපයක් ද ආබාධිත හා වයෝවෘද්ධ බැතිමතුන් වෙනුවෙන්වෙන්කර ඇත.

දළදා මාළිගා පිවිසුම් දොරටුවල සිටින ආරක්ෂක නිලධාරින්ගෙන් හා පරිපාලන කාර්යාලයෙන් විමසූ විට මෙම පහසුකම් ලබාගත හැකි වේ.

විදුලි සෝපානය ස්ථාපිත කිරීම සඳහා මහනුවර ප්‍රදේශයේ ප්‍රකට නීතිඥයෙකු වන නන්ද සේනානායක මහතා ඇතුලූ පවුලේ සැම පුර්ණ ලෙස මුල්‍ය දායකත්වය දැරූ අතර, විදුලි මෝටර් කාර් රථ දෙකක් ෆින්කෝ සමුහ ව්‍යාපාරය විසින්ද ඉතිරි රථය තොරතුරු තාක්ෂණ හා විදුලි සංදේශ අමාත්‍යාංශය විසින් දළදා මාළිගාවට පරිත්‍යාග කරන ලදී.

ධම්මදීප සභාව‍

සියම් මහානිකායේ මල්වතු අස්ගිරි උභය මහාවිහාරයන් හා අමරපුර, ශ්‍රී ලංකා රාමඤ්ඥ යන ත්‍රෛනිකායික අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ අනුශාසනා හා එකඟත්වය මත ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේතුමාගේ සංවිධායකත්වයෙන් 2013 වර්ෂයේදී ධම්මදීප සභාව ආරම්භ කරන ලදී. 

ජාතික, ආගමික හා සාමාජික වශයෙන් රටට එල්ලවන විවිධ අභියෝගයන්ට මුහුණදීම සඳහා ජාතිය දැනුවත් කිරීම හා සුභසාධන සේවා ඉටුකිරීම ප්‍රධාන අරමුණුය.මේ වන විටද දිස්ත්‍රික්ක කිහිපයක ධම්මදීප සභාවේ අරමුණු සාක්ෂාත් කිරීම උදෙසා සංවිධාන කටයුතු සිදුකර ඇති අතර, විවිධ වැඩසටහන් රැසක් ද ප්‍රජාව වෙනුවෙන් ඉටුකර තිබේ.

 
දළදා වරුණ
 
2006 ජනවාරි සිට සෑම පසළොස්වක පෝය දිනකම දළදා මාළිගාව මගින් මාසිකව නිකුත් කරන බොදු පුවත්පත දළදා වරුණ වේ. මෙම පුවත්පත තුළ දළදා මාළිගාවෙන් සිදුකරන කාර්යයන් වලට අමතරව දහම් කරුණු ඇතුළත් සාරගර්භ ලිපි පෙළකින් ද සමන්විත වේ. මාසිකව පිටපත් 35000ක් මුද්‍රණය කර නොමිලේ දිවයින පුරා පිහිටි දහම් පාසල්, විහාරස්ථාන, සමිති සමාගම් හා ආයතන සඳහා ඛෙදාහරිනු ලැබේ. මේ සඳහා ඉහළ පාඨක ප්‍රතිචාර නිරන්තරයෙන්ම ලැබේ. එමෙන්ම ශ්‍රී දළදා මාළිගාවේ නිල වෙබ් අඩවිය ඔස්සේද දළදා වරුණ පරිශිලනයට අවස්ථාව සලසා ඇත. බෞද්ධ සමාජය තුළ අඩුවක්ව පැවති බොදු පුවත්පතක අවශ්‍යතාවය මේ තුළින් සපුරාලීමට දළදා වරුණට හැකිවිය.
 
දළදා වරුණ කියවීම සඳහා මෙතනින් පිවිසෙන්න....http://goo.gl/Efhktd
 

විශ්‍රාම ශාලාව

 
ශ්‍රී දළදා මාලිගාවේ විශ්‍රාම ශාලාව ශ්‍රී දළදා වහන්සේ උදෙසා පැවැත්වෙන මුළුතැන් බුද්ධ පූජා කටයුතු සඳහා දෛනිකව පැමිණෙන බැතිමතුනට නේවාසික පහසුකම් සලසා දෙන ස්ථානයක් වශයෙන් ඵලදායී ලෙස පවත්වාගෙන යාමට හැකි අයුරින් එහි පරිපාලන කටයුතු වඩාත් විධිමත් කර ඇත.
 
දිනපතා විශාල නේවාසික පිරිසක් ගැවසෙන මෙම ස්ථානයෙහි පවිත්‍රතාවය හා ප්‍රසන්නතාවය රැකගනු වස් අවශ්‍ය වර්ණාලේප කිරීම සහ උපකරණ අලූත්වැඩියා කිරීම් යාවත්කාලීනව සිදුවන අතර වන්දනාකරුවන්ගේ පහසුව සඳහා මෑතකදී අතිරේක ජල ටැංකි දෙකක් ද ස්ථාපනය කරන ලදී.
 
තාවකාලික මු‍ළුතැන්ගෙයට ස්ථීර වහලක් යොදා සකසා ගත් අතර සම්පූර්ණයෙන්ම අබලන්ව තිබූ වැසිකිළි පද්ධතිය අලූත්වැඩියාවට ලක් කෙරුණි. විදුලිය සැපයීමද අලූත්වැඩියාවට ලක්විය.මෙහි ආදායම් තත්වය පෙරට වඩා වර්ධනය වී ඇති බැවින් ඉදිරියේදී බැතිමතුනට තවදුරටත් පහසුකම් ලබාදීමට කටයුතු සැලසුමි කර ඇත.
 

අපේ සත්කාර වැඩසටහන

ශ්‍රී දළදා මාලිගාව විසින් සිදු කරනු ලබන සමාජ සත්කාර සේවාවන්ගෙන් බිඳක්......

ape sathkaraya