ශ්‍රි දළදා මාලිගාවේ ‍ඓතිහාසික වටිනා කම මොබිටෙල් Wi-Fi සේවාව ඔස්සේ සංචාරකයන්ට.

  • Sharebar

2014 පෙබරවාරි 05 මහනුවර :
ජාතික ජංගම දුරකථන ජාලය වන ශ්‍රි ලංකා ටෙලිකොම් මොබිටෙල් ආයතනය තවත් සුවිශේෂි මෙහෙවරක නියලෙමින් ශ්‍රි දළදා මාලිගාවට Wi-Fi සේවාව සැපයිමට පියවර ගෙන තිබේ . ඒ අනුව එහි පැමිණෙන සංචාරකයන් හට පූර්ණ විස්තර සහිත මඟ පෙන්විමක් අන්තර්ජාලය ඔස්සේ ලබාගත හැක.
මෙම Wi- Fi සේවාව මගින් ශ්‍රි දළදා මාලිගාවට පැමිනෙන විදේශික සංචාරකයන්ට අන්තර්ජාලයට පිවිසීමේ හැකියාව ලැබෙන අතර එහිදි හඬ භාවිතයෙන් කරන මගපෙන්විමක් ( Interactive Voice Guide) තාක්ෂණය ඔස්සේ මාලිගාවේ සෑම අංශයක් පිළිබඳවම දැනුවත්විමේ අවස්ථා ඔවුන්ට හිමිවේ. පිට රටවලින් පැමිණෙන විවිධ ජාතින්ට අයත් සංචාරකයින්ගේ පහසුව සඳහා මෙම මග පෙන්නවීම භාෂාවන් කිහිපයකින්ම සැපයීමට පියවර ගෙන ඇත.
මෙම සේවාවට පූජනීය දළඳා මාලිගාව පිළිබඳ වැදගත් තොරතුරැ මෙන්ම ඡායාරෑප ඇතුලත් කර තිබේ . Wi- Fi හරහා හඬ භාවිතයෙන් කරන මෙම මාර්ගෝපදේශන සේවාව ඉදිරියේ දි සියදහස් ගනන් සංචාරකයන් දළඳා මාලිගාව නැරබීමට පැමිණිම සඳහා මහඟු දිරිගැන්වීමක් වනු ඇතයි අපේක්ෂා කෙරේ .
“අපේ මුලික අරමුණ වන්නේ දළඳා මාලිගාවේ ඉතිහාසය සහ එහි ආගමික වටිනාකම පිළිබඳව නරඹන්නන් මැනවින් දැනුවත් කිරිමින්, ඒ තොරතුරැ ලොවපුරා ප්‍රචලිත කිරිමය.
මෙරට බුදු දහමේ කේද්‍රස්ථානය වන දළඳා මාලිගාවේ වැදගත් කම පිළිබඳව වාර්ෂිකව මෙහි පැමිනෙන සංචාරකයන් දැනුවත් කිරිම ඉතාමත් වැදගත්. Wi-Fi සේවාව දියත් කරන අවස්ථාවේදි අදහස් දැක්වු ශ්‍රි දළඳා මාලිගාවේ දියවඩන නිළමේ තැම්පත් ප්‍රදිප් නිලංග දෑල මහතා පැවසිය .
ශ්‍රි දළඳා මාලිගාව නැරබීම සඳහා ටිකට්පතක් මිලදි ගන්නා මොහොතේ සිට නරඹන්නන් හට මෙම Wi-Fi සේවාව හිමිවන අතර මාළිගාවෙන් නික්ම යන මොහොත දක්වාම එය භාවිතා කල හැකිවේ. මෙම සේවාව මඟන් සංචාරකයන්ට ඉමහත් පහසුවක් මෙන්ම ශ්‍රි දළඳා මාළිගාව පිළිබඳ නිවැරදි ඓතිහාසික තොරතුරු ලබා ගැනීමට ද මහඟු පිටුවහලක් වන බව නොඅනුමානය .