මුද්දරයට ගිය දළදා මැදුර..

  • Sharebar

අණබෙර ගැසීම, ඝණ්‌ඨාර නාදකිරීම්, කඳුමුදුන් හි ගිනි දැල්වීම, කොඩි එසවීම, දූතයන් යෑවීම, ගලේ කෙටීම සීපද ගායනාකිරිම, හූ කීම වැනි විවිධාකාර වු ‍ තොරතුරු හුවමාරු ක්‍රම තිබු අප සන්නිවේදන ඉතිහාසය වර්තමානය වෙද්දී තෑපෑල, දුරකතන, ඊමේල් ආදියෙන් දියුණුව දක්වා පැතිර ඇති අතර තැපෑල් සේවය එහි පරණම මාධ්‍යයයි.

තැපැල් සේවය අපට ලබා දීමට ගාස්තුවක් අය කරයි. එය අයකරන්නේ මුද්දරය යන කුඩා කොල කැබැල්ලෙනි. එය විවිධ ස්වරූපයෙන්, වටිනාකමින් හා රටට ජාතියට අභිමානයක් ගෙන දෙන සිද්ධි,ස්ථාන වැදගත් දිනයන්,පුද්ගලයන් රටකටආවේණික ජන නායකයන්, සංස්‌කෘතිමය උත්සව, සැමරුම්, චිත්‍ර, මූර්ති කලා, සත්ත්ව වර්ග ආදියෙන් ඉදිරිපත් කරනු ලබයි.

එලෙස නිකුත් කරනු ලබන මුද්දර එකතු කිරීම ලොව ජනප්‍රියම විනෝදාංශයකි. එය දැනුම පුළුල් කර ගැනීමේ එක්තරා මාර්ගයක් මෙන්ම සිත් ඇද ගන්නා සුලු විනෝදාංශයකි.

ලොව පළමු මුද්දරය බ්රිිතාන්යණ ජාතික සර්රෝලන්ඩ් හිල් නමැත්තා 1840 මැයි 01 දින හඳුන්වා මහා බ්රිපතානයේ වික්ටෝරියා රැජිණගේ උඩුකය මුද්රකණය කර ඇති එම මුද්දරයේ වටිනාකම පැන්ස එකකිග 1840 මැයි 06 සිට භාවිතයට ගත් එය හදුන්වන්නේ පෙනී බ්ලැක්ලෙසයි'
ශ්‍රී ලංකාවේ ප‍්‍රථම මුද්දරය නිකුත් කෙරුණේ 1857 අපේ‍්‍රල් 01 වැනිදාය. වික්ටෝරියා රැජිනගේ උඩුකය මුද්‍රණය කර තිබු එහි වටිනාකම පැන්ස 6 කි. මෙම මුද්දරය ලොව ප්‍රථම මුද්දරය නිකුත් වී වසර 17 කට පසුව නිකුත් කිරීම සුවිශේෂීකමකි.
1935 දී ලාංකීය මුද්දර ඉතිහාසයට සුවිශේෂි වසරක් වන්නේ ලංකාවේ සොබාව, භූමිය, දර්ශණ ආදිය සමඟ මැයි 01 දා නිකුත් කල මුද්දරය සමඟයි. ඒ රබර් කිරිකපන්නියගේ රුව සහිත මුද්දරයයි.
ඉන් පසු හත්වන එඩ්වඩ් රජුගේ රුව සහිතව නිකුත් කළ මුද්දර 14 කින් යුත් කට්‌ටලය ද ඉහත දර්ශනවලට අමතරව අනුරාධපුර මුරගල්" සිරීපා අඩවිය. ශී‍්‍ර දළදා මාළිගාව" රුවන්වැලි සෑය" සීගිරිය" ති‍්‍රකුණාමළය වෙරළ තීරය" පාර්ලිමේන්තුව ආදී ස්ථාන වස්‌තු විෂයයක්‌ වීම නිසා අපේ ඉතිහාසගත උරුමයක්‌ ලෙසටම කියාපෑ අවස්‌ථාවන් විය'

නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම මුද්දරය 1948 නිදහස් සමරුව වෙනුවෙන් 1949 පෙබ 04 වැනි දින නිකුත් කල අතර එහි සිංහ ධජයත්, පලමු අගමැති ඩී.එස්.සේනානායක මහතාගේ රුවින් යුතු විය‍. එලෙසම ර‍ටේ නම භාෂා 3 න්ම මුද්‍රණය කොට තිබුනි.