මිනිගමුවේ රතනපාල නායක ස්වාමින්ද්‍රයන් වහන්සේට මල්වතු මහා විහාරයේ විංසත් වර්ගික ගරුතර කාරක සංඝ සභාවට පත් වීම

  • Sharebar

මල්වතු මහා විහාරවාසී ගොකරැල්ල කැකිරිහේන්පිටියේ රන්මණ්ඩාපොකුණ විහාරය සහ පලාගල පහළගම චාමරගල පුරාණ විහාරය යන විහාරද්වයාධිපති මිනිගමුවේ රතනපාල නායක ස්වාමින්ද්‍රයන් වහන්සේට මල්වතු මහා විහාරයේ විංසත් වර්ගික ගරුතර කාරක සංඝ සභාවට පත් වීම නිමිතිකොටගෙන ඓතිහාසික රාජපූජිත මල්වතු මහා විහාරයීය උපෝසථාගාරයේ දී ප්‍රසාද පූජාව වර්ෂ 2014 ක් වූ මැදින් මස 13 දින පැවැත්විණ. මෙම පූජෝත්සවය සඳහා මල්වතු පාර්ෂවයේ මහා නායක අතිගෞරවර්හ තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහා නායක මා හිමිපාණන් වහන්සේ, මහා සංඝරත්නය සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර ටිකිරි කොබ්බෑකඩුව මහතා ඇතුළු ගිහි පිංවතුන් රැසක් සහභාගී වූහ.