මල්වතු මහාවිහාර පාර්ශවය

  • Sharebar

රාජකීයයන්ගේ පුෂ්පෝද්‍යානය වශයෙන් තිබූ මෙහි උපෝෂථ, පුෂ්පාරාමය යන විහාරද්වයක් පවතී. ක‍්‍රි. ව. 1357 දී රජ පැමිණි ගම්පල තුන්වන වික‍්‍රමබාහු රජු විසින් හෝ සේනා සම්මත වික‍්‍රමබාහු රජු විසින් මල්වතු මහාවිහාරයෙහි උපෝෂථාරාමය හා අතිරේක සංඝාරාම අසූහයක් කරවා පූජාකළ බව ප‍්‍රකටය. පල්කුඹුර, කොබ්බෑකඩුව, සූරියගොඩ ඉපැරණි විහාර පරම්පරා මල්වතු මහාවිහාරයට අයත් සුවිශේසි විහාරාරාම වේ. ග‍්‍රාමවාසි මල්වතු විහාරය රාජ්‍ය පාලනය කෙරෙහි ද මැදහත්වීම නිසා රාජකීයයන්ගේ වැඩි අනුග‍්‍රහය ලැබිණ. මල්වතු විහාරය සතුව පවත්නා රාජාවලියකට අනුව මල්වතු මහාවිහාරයෙහි උපත තුන්වෙනි වික‍්‍රමබාහු රජු ගොඩනැගූ උපෝෂථ විහාරයෙන් සිදුවිණ.
වර්තමාන ශාසනික, ජාතික, සාමාජික, සංස්කෘතික හා ධර්ම ශාස්ත‍්‍රීය පුනරුදයේ පුරෝගාමි උතුමාණන් වහන්සේ වූ බෝධිසත්ව ගුණෝපේත වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජෝත්තමයාණන් වහන්සේ සූරියගොඩ ස`ග පරපුරට අයත්ය. වැලිවිට පිණ්ඩපාතික අසරණ සරණ ස්වාමින්ද්‍රයන් වහන්සේ, කීර්ති ශී‍්‍ර රාජසිංහ මහරජුගේ අනුග‍්‍රහය ලබා මල්වතු මහාවිහාරයේ අභිනව පොහොය ගෙයක් කරවා, සියම් රටින් පැමිණි ප‍්‍රවර උපාලි මහතෙරුන් වහන්සේගේ ප‍්‍රධානත්වයෙන් ස්‍යාමෝපසම්පදාව පිහිටුවීමෙන් අනතුරුව මල්වතු මහාවිහාරයේ යශෝරාවය වඩාත් පැතිරිණ. ග‍්‍රාමවාසි මල්වතු මහාවිහාරය හා වනවාසි අස්ගිරි මහාවිහාරය යන උභය විහාරයේම භික්ෂු සංඝයා වහන්සේ වැලිවිට ස`ගරජ මාහිමියෝ ස්වකීය ආචාර්ය පාදෝත්තමයන් වහන්සේ ලෙස සලකා ගෞරව දක්වති. කීර්ති ශී‍්‍ර රාජසිංහ රජතුමා විසින් වැලිවිට අසරණ සරණ ස`ගරජ මාහිමිපාණන් වහන්සේ ස`ගරජ පදවියට පත්කිරීමත් සම`ග මෙම පාර්ශවයේ ප‍්‍රථම මහානායක පදවියට අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ‍්‍රී සිද්ධාර්ථ බුද්ධරක්ෂිත නාහිමිපාණන් වහන්සේ පත්කරන ලදී. මහානායක පදවියෙන්ද මහනායක පදවියෙන්ද, අනුනායක පදවි දෙකකින්ද, ලේඛකාධිකාරි පදවියකින් ද මල්වතු මහාවිහාරයේ විංසද්වර්ගික කාරක සංඝ සභාව සමන්විත වේ. මෙකී පාර්ශවය විසින් ඉටුකරනු ලබන ලෝක ශාසනික සේවා අපමණය. අදත් රාජ්‍ය නායකයන් හා නිලධාරින් මෙම විහාර පාර්ශවයේ අතිගරු මහානායක මාහිමිපාණන් වහන්සේගේ අවවාද අනුශාසනා ලබා ගැනීමට පැමිණීම සිරිතය. ශී‍්‍ර ලංකාවට පැමිණෙන බොහෝ විදේශ ජන නායකයෝ ද උන්වහන්සේ බැහැදැකීමට පැමිණෙති.