අස්ගිරි මහාවිහාර පාර්ශවය

  • Sharebar

<p>අනුරපුර මහාවිහාරීය විදර්ශනාධුරය පුරන භික්ෂූන් වහන්සේ ආරණ්‍ය සේනාසනව වැඩ විසූ මාතලේ අළුවිහාරයේ තුන්වන ධර්ම සංඝායනාව ග‍්‍රන්ථාරූඪ කිරීමෙහි යෙදුණු කුන්තගත්තතිස්ස මහරහතන් වහන්සේ එම කාර්යය නිමවා දිඹුලාගල වන සෙනසුනේ සමවත් සුවයෙන් වැඩසිටි බව දැනගත් වලගම්බා රජු එම ස්ථානය හෙළි පෙහෙලි කොට සෙනසුන් කරවා උන්වහන්සේට පි¥ බව අස්ගිරි තල්පත සඳහන් කරයි. එය දිඹුලාගල සෙනසුනේ ආරම්භයයි. කාලිංග මාඝගේ දරුණු ආක‍්‍රමණයෙන් පසු යාපහුවේ සුභ රජු යාපහුවේ අච්චගිරිය නමින් සෙනසුනක් කරවා එකී භික්ෂූන් වහන්සේට පි¥හ. කුරුණැගල රජ පැමිණි සිව්වන පරාක‍්‍රමබාහු රජු තම බෑණනුවන් වූ සිරිවර්ධන නම් සෙනෙවියා ලවා කටුපුලූ නගරයෙහි සෙංකඩගලපුර ශී‍්‍ර වර්ධනපුරය කරවා විහාරයක් ද කොට යාපහුවේ අච්චගිරි (අස්ගිරි* සෙනසුනේ පලාබත්ගල වනරතන තෙරුන් වහන්සේ ප‍්‍රධාන පස් නමක් වැඩමවා අභිනව විහාරයේ වඩා හිඳවූහ. අද මහනුවර අස්ගිරි පාර්ශවය නමින් ප‍්‍රකට මෙම මූලස්ථානයයි. ගම්පල තුන්වන වික‍්‍රමබාහු රජු මෙම විහාරයට අයත් ගෙඩිගේ විහාරය (ආදාහනමළු විහාරය* ඇතුළු විහාරයන් කරවා පූජාකළ බව කියැවේ. ස්‍යාමෝපසම්දාවෙන් අනතුරුව අස්ගිරි මාහිවිහාරයේ ප‍්‍රථම මහානායක පදවිය අතිපූජ්‍ය උරුලෑවත්තේ සිරි ධම්මසිද්ධි නාහිමිපාණන් වහන්සේ වෙත පවරා ඇත. මෙම පාර්ශවයේ මහානායක අනුනායක පදවි ප‍්‍රදානය මුලදී රජුන් විසිනුත් දෙවනුව ඉංග‍්‍රීසි පාලකයන් විසිනුත් සිදුකල අතර 1853 න් පසු අස්ගිරි මහාවිහාරයේ විංසද්වර්ගික කාරක සංඝ සභාවට එම බලය පවරන ලදී. මහානායක අනුනායක ලේඛකාධිකාරි පදවි වලින් සමන්විත විංශත් වර්ගික කාරක සංඝ සභාව විසින්, මහාවිහාර වංශික ශාසන පරම්පරාවට අයත් උපසම්පදා විනය කර්ම සිදු කිරීම, නායක පදවි පත්කිරීම, භික්ෂූන් වහන්සේගේ කටයුතු සොයා බැලීම ආදි ශාසනික වූත්, ජාතික වූත්, සාමාජික වූත්, සංස්කෘතික වූත්, ධර්ම ශාස්ත‍්‍රීය වූත් සේවාවන් රැුසක් ඉටු කරති. මැද පන්සල පහළ පන්සල ඉහළ පන්සල වශයෙන් පන්සල් පාර්ශව තුනක් මෙහි පවතී. දෙස් විදෙස් රාජ්‍ය නායක කාරකාදීන් හා ප‍්‍රධාන රාජ්‍ය නිළධාරීන් මහනුවරට පැමිණි විට අස්ගිරි මහා විහාරයේ අතිගරු මහානායක මාහිමිපාණන් වහන්සේද බැහැ දැකීමට අමතක නොකරති.</p>