Kandy Esala Perahera 2017 was Announced Officially

  • Sharebar

 

2017 මහනුවර ඇසළ පෙරහර පිළිබඳ දැනුවත් කිරීම
-----------------------------------------------------------------------------------------
මෙවර මහනුවර ඇසළ පෙරහර මංගල්ලය ජුලි මස 24 වෙනිදා සතර මහා දේවාලයන්හි සුභ නැතකින් කප්සිටුවීමෙන් පසු ආරම්භ වෙයි.

ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ තුමන් විසින් අද දින (06.07.2017) ශ්‍රී දළදා මාළිගාවේ පැවති දැනුවත් කිරීමේ රැස්වීමේ දී මේ බව ප්‍රකාශ කරන ලදී.

මල්වතු අස්ගිරි උභය මහා විහාරීය ගරු මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ පූර්ණ අවවාද හා අනුශාසනා පරිදි පෙරහර මංගල්ලය සාර්ථකව සංවිධානය කරන බවත් කප් සිටුවා දේවාල අභ්‍යන්තර පෙරහර පැවැත්වීමෙන් පසු ප්‍රථම කුඹල් පෙරහර ජුලි මස 29 වෙනිදා වීදි සංචාරය කරන බවත් මෙහිදී එතුමන් පැවසීය.

කුඹල් පෙරහරින් පසු ප්‍රථම රන්දෝලි පෙරහර අගෝස්තු 03 වෙනි දින වීදි සංචාරය කරන අතර, අවසන් මහා රන්දෝලි පෙරහර අගොස්තු 07 වෙනි දිනට යෙදෙන නිකිණි පුන් පොහෝ දින රාත්‍රියේ වීදී සංචාරය කර අළුයම ගැටඹේ දියකපනා තොටින් දිය කැපීමේ මංගල්ලය සිදු කර පසු දින දහවල් පෙර පවත්වා සිරිත් ප්‍රකාරව පෙරහර සංදේශය ජනාධිපති තුමන්වෙත පිළිගන්වන්වා මෙවර පෙරහර මංගල්ලය නිමාවට පත් කරයි.

මෙම අවස්ථාවට මහනුවර දිස්ත්‍රික් ලේකම් තුමා, සතර මහා දේවාලන් හී බස්නායක නිළමේවරුන්, මාධ්‍ය වේදීන්, ආරක්ෂක අංශයන්හි උසස් නිළධාරීන්, රාජ්‍ය හා පුද්ගලික ආයතනයන්වල නිළධාරි මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී විය.
***
Media Bureau ©2017/06